ශ්‍රිමත් අනගාරික ධර්මපාල තුමන්ගේ 151 වැනි ජන්ම සංවත්සරය සහ ලන්ඩන් බෞද්ධ විහාරයට වසර 89 ක් පිරිම නිමිත්තෙන් පින්කම් මාලාවක් පසුගිය සති අන්තයේදී ලන්ඩන් බෞද්ධ විහාරස්ථානයේදී පැවැත්විණි.
ලන්ඩන් බෞද්ධ විහාරස්ථානාධිපති මහා බ්‍රිතාන්‍යයේ ප්‍රධාන සංඝනායක බෝගොඩ සීලවිමල නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් විහාර දායකාරකාදීන්ගේ පුර්ණ සහභාගිත්ග්වයෙන් පැවැත්වුණ වැඩසටහන් සඳහා ධර්මපාලතුමන් බටහිරට බුදුදහම හඳුන්වාදීමෙන් සිදුවූ සේවාව පිළිබඳ සාකච්ජා කෙරෙන දේශනයක්, පරිත්‍රාණ ධර්ම දේශනයක් සහ දානමය පින්කමක් ඇතුළත් විය.
දම්පල් සමරු දේශනය පවත්වන ලද්දේ ලන්ඩන් නුවර ශාන්ත මේරි විශ්ව විද්‍යාලයේ දර්ශනවාදය පිළිබඳ මහාචාර්ය ජෙෆ්රි හන්ට් විසිනි.
බ්‍රිතාන්‍ය මිෂනාරි පාසලකින් අධ්‍යාපනය ලැබූ ඩේවිඩ් හේවාවිතාරණ ක්‍රිස්තියානි ආගම පිළිබඳ පුළුල් අවබෝධයක් තිබු දක්ෂ තරුණයෙකි. ඔහුට පරණ ඇස්තමේන්තුව ඇතුළු සම්පුර්ණ බයිබලය කටපාඩමින් කීමට තරම් හැකියාවක් තිබුණි. ඉංග්‍රීසි භාෂාව චතුර ලෙස හැසිරවීමට ඔහුට හැකිවිය. එමෙන්ම එවකට සිටි බහුශ්‍රැත බෞද්ධ භික්ෂුන් වහන්සේලාගෙන් බුදුදහම පිළිබඳ දැනගත හැකි සියලුම දේ සම්බන්ධයෙන් ද මේ තරුණයාට ඉගෙන ගැනීමට හැකිවිය.
තරුණ වයසේදීම බුදුදහම සහ කිතු දහම පිළිබඳව තර්කානුකුලව කරුණු ඉදිරිපත් කිරීම සඳහා අසීමිත දැනුම් සම්භාරයක් ඔහු සතුව තිබුණි. බටහිර රටවල මෙන්ම ජපානය වැනි ආසියානු රටවලද නිර්මල බුදුදහම හඳුන්වාදීම සඳහාත් ඉන්දියවේ පෞරාණික බෞද්ධ සිද්ධස්ථාන යළි ස්ථාපිත කරවීම සඳහාත් අනගාරික ධර්මපාල තරුණ වයසේ සිට ක්‍රියා කළ අන්දම විශ්මයජනකය බව මහාචාර්ය හන්ට් පැවසුවේය.
ලන්ඩන් බෞද්ධ විහාරවාසී කළුගමුවේ කස්සප හිමියන් විසින් ගිලම්පස බුද්ධ පුජාව පවත්වනු ලැබිය. පිරිත් දේශනය සඳහා බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලාංකික බෞද්ධ විහාරස්ථාන බොහෝ ගණනක මහා සංඝ රත්නය විසිනමකට වඩා වැඩමකර සිටියහ.
පිරිත් පුරනු ලැබුවේ නොටින්හැම් ශාන්ති විහාරාධිපති විචිත්‍ර පරිත්ථාන භාණක තෙල්දෙනියායේ අමිත හිමියන් විසිනි.
පසුදින පිංකම සඳහා වැඩම කළ මහා සංඝ රත්නය උදෙසා හිල් දානය පුජා කරනු ලැබිය.
දැනට වසට 89කට පෙර නිර්මල බුදු දහමේ චිරස්ථිතිය උදෙසා දුරදක්නා නුවනින් යුතුව සිතා බලා අද වනවිට යුරෝපයේ ප්‍රමුඛ ථෙරවාදී බෞද්ධ මධ්‍යස්ථානය බවට පත්ව ඇති ලන්ඩන් බෞද්ධ විහාරස්ථානය ස්ථාපිත කළ අනගාරික ධර්මපාල තුමන්ගේ 151 වෙනි ජන්මදින පිංකම උත්කර්ෂවත් අන්දමට සිදුකිරීම සඳහා නන් අයුරින් උදව් උපකාර කළ සියලු දෙනාටම සීලවිමල හිමියෝ පුණ්‍යානුමෝදනා කළහ.
![1[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/09/1111.jpg)
![14[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/09/1411.jpg)
![15[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/09/1511.jpg)
![18[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/09/181.jpg)
![24[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/09/2411.jpg)
![31[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/09/3111.jpg)
![34[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/09/3411.jpg)
![41[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/09/4111.jpg)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රේෂ්ට වැඩක් (ම)