අභිරහස් ලෙස හිස ගසා දමන ලද පුරාතන රෝමයේ කඩුගත් මල්ලවයන්ගේ හිස් සහ වෙනත් මානව නෂ්ඨාවශේෂ ලංඩනයේ ඉදිකිරීම් යෝජනා ක්‍රමයකින් සොයා ගැනීමෙන් පසු අසාමාන්‍ය ‍‍පුරාතන ඉතිහාසයක් හෙලි දරව් වි තිබේ.

දැන් මෙම ප්‍රාග් ඵෙතිහාසික යුගයට අයත් නටබුන් මගින් ආදි ලෙන් වැසියන්ගේ රූපාකාරය සොයාගෙන ඇත්තේ දකුණු  ලංඩනයේ වොක්සෝල් හි නව ඇමරිකානු තානාපති කාර්යාලය ඉදිකිරීම් බිමේදීය.

මෙම වැඩබිමෙන් සොයාගත් පුරා ශීලායුගයේ ගිනිගල් මෙවලම් ක්‍රිස්තු පූර්ව 700,000 සහ ක්‍රිස්තු පූර්ව 10,000 අතර බව පෙනීගොස් තිබේ. ඒ අනුව මෙය මෙතෙක් ලන්ඩනයෙන් හමුවූ පැරණිත ම මානව සාධක ද විය හැකියැයි පුරාවිද්‍යාඥයෝ අනුමාන කරති.

මෙම පුරා වස්තු අතර ක්‍රිස්තු පූර්ව 4,000 ට පමණ අයත්යැයි සැළකෙන ලෝකඩින් සෑදූ රුවක් ද සොයාගෙන තිබේ.

මෙම ස්ථානයෙන් හමුවු අනෙක් වස්තූන් නම් ප්‍රාග් ඵෙතිහාසික යුගයට අයත් මසුන් අල්ලන උගුලකි. මෙය සාමානයෙන් අඩි 39 ක් එනම් මීටර් 12 ක් දිගින් යුක්තය. ආදි මිනිසුන් සිය වාසස්ථානවල ගින්දර භාවිතා කිරීම සම්බන්ධයෙන් හොඳම සාක්ෂි එහි දක්නට ලැබෙයි. ඒ සමග ඇති පසෙහි දැවීගිය අළු සහ පිලිස්සුනු අස්ථි තිබී ඇත.

මෙම පුරාවස්තූන් ලංඩන් වලින් හමුවූ පැරණිම ඒවා විය හැකි බව ලංඩන් හි පුරාවිද්‍යා කෞතුකාගාරයේ ජෙෂ්ඨ පුරාවිද්‍යාඥ ආචාර්ය කාසියා ඔල්චොවුස්කා පවසන්නීය.

මෙම සාක්ෂි තේමිස් නදිය අසබඩින් හමුවූ අනෙක්  ප්‍රාග් ඵෙතිහාසික යුගයේ සැකිලි සමග අදාල වේදැයි බැලීමට කැමැත්තක් දක්වන බව ද ඇය පැවසුවාය.

මෙ මගින් දැනට  වඩා වැඩි ප්‍රමාණයක ප්‍රාග් ඵෙතිහාසික යුගයේ භූ දර්ශණය බලාපොරොත්තු  විය හැකි බව සහ ගොඩනැගිය හැකි වන බවද ඔලචොවුස්කාගේ අදහසයි.

විශේෂඥයින් විසින් මෙම පුරා වස්තූන් විශ්ලේෂණය කර ඒවා අයිති නිවැරදි කාල වකවානු නිර්ණය කර ලංඩන් හි වසර 12,000 කට ප්‍රථම ජන ජීවිතය ගැන අදහසක් ගත හැකි වන බව ආචාර්ය ඔල්චොවුස්කා පැවසුවාය.