ලන්ඩන් නුවර ශ්‍රී සම්බෝධි විහාර පරිශ්‍රයේ අභිනවයෙන් ඉදිකරන ලද භාවනා කුටිය පසුගියදා ශ්‍රී සම්බෝධි විහාරස්ථානාධිපති සහ බෞද්ධයා මාධ්‍ය ජාලයේ සභාපති දරණාගම කුසලධම්ම හිමියන් අතින් විවෘත විය.

සම්පුර්ණයෙන්ම දැවයෙන් සාදා නිම කරන ලද මෙම කුටිය පූජා කරන ලද්දේ ලන්ඩන් නුවර පදිංචි චාන්දනී කළුගම්පිටිය මහත්මිය සහ එම පවුලේ සැම විසිනි. 

භාවනා කුටිය විවෘත කිරීමෙන් අනතුරුව පිංකමක්ද පැවැත්විණි. එහිදී අනුශාසනාව සිදුකළ  කුසලධම්ම හිමියන් පැවසුවේ කලක පටන්  අඩුවක්ව  පැවති මෙම භාවනා කුටිය  විහාරස්ථානයට පැමිණෙන පින්වතුන් හට මහත් ප්‍රයෝජනයක් වන බවයි.

වස් සමාදන්වීම වෙනුවෙන් ලන්ඩන් නුවර සම්බෝධි විහාරස්ථානයේ පිංකම අවසානයේ කුසලධම්ම හිමියන් නැවත ශ්‍රී ලංකාවට වැඩම කළහ. 

1 2 3 4