බෞද්ධ දර්ශනය සහ මනෝවිඥානය විග්‍රහකෙරෙන අභිධර්ම පාඨමාලාව මේවසරෙත් සැප්තැම්බර් මස 24 වැනිදා සිට ලන්ඩන් බෞද්ධ විහාරයේදී පැවැත්වෙයි.
සති 10 කදී මෙම පාඨමාලාව මෙහෙයවන්නේ රිචඩ් ජෝන්ස් විසිනි. මේ සඳහා කිසිදු අයකිරීමක් නොකෙරේ. දෛනික විය පැහැදම් සඳහා හැකි අන්දමකින් සම්මාදම්විය හැකිය.
අභිධර්ම පාඨමාලාව පැවැත්වෙන්නේ ඉංග්‍රීසි භාෂාවෙනි. බුදු දහමේ වඩාත් බුද්ධිමය අභියෝගයන් ඇතුළත් අභිධර්ම දේශනාව තුළින් මනස සහ චෛතසික ක්‍රියාවලිය විස්තරකෙරෙන අතර මෙම පාඨමාලාව මනෝවිඥානය පිලිබඳ උනන්දුවක් දක්වන්නන් උදෙසා සකස් කර ඇති බව මේ පිළිබඳ අදහස් දැක්වූ ලන්ඩන් බෞද්ධ විහාරාධිපති බෝගොඩ සීලවිමල නාහිමියෝ පැවසුහ.
මේ පිලිබඳ සියලු විස්තර ලන්ඩන් බෞද්ධ විහාරයෙන් ලබාගත හැක. පන්ති පැවැත්වෙන මුල් දිනය වන සැප්තැම්බර් මස 24 වැනිදා විහාරස්ථානයට පමිණ පන්ති සඳහා ලියාපදිංචි විය හැකිය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලන්ඩන් බෞද්ධ විහාරයේ පැවැත්වෙන පාඨමාලා අතර අභිධර්මය එක් පාඨමාලාවක් පමණයි. අනෙක් බොහෝ පාඨමාලා මෙහෙයවන්නේ විහාරස්ත මාහා සංඝ රත්නයයි. උගත් ගිහි විධ්වතුන්ද සමහර පන්ති භාරව කටයුතු කරනවා. ලන්ඩන් බෞද්ධ විහාරස්ථානයේ වැදගත්ම වැඩ කටයුත්තක් වන භාවනා වැඩසටහන ඉදිරිපත් කරන්නේ විහාරාධිපති පුජ්‍ය බෝගොඩ සීලවිමල නාහිමියන් විසිනුයි. ආරම්භක පන්ති අනෙකුත් ස්වාමින් වහන්සේ විසින් මෙහෙයවයි. (නදී)
අභිධර්මය දන්නා අය බණ භාවනා කරනවා. (හේ)
දන්නා කෙනෙකුගෙන් අභිධර්මය ඉගෙන ගන්න (බ)
ගරු හිමිවරු නැද්ද අභිධර්මය දන්නා ? (නදී)