පසුගිය වෙසක් පුන් පොහෝදිනය වෙනුවෙන් ලන්ඩන් නුවර මහමෙව්නා භාවනා අසපුව වෙසක් ආලෝක පුජාවක් ඇතුළු වැඩසටහන් රැසක් සංවිධානය කළේය.

මහා පිරිසක් සහභාගී වීම නිසා පිංකම පැවැත්වුයේ අසපුව ආසන්නයේ පිහිටි ශාලාවකදීය.

එදින දවස පුරාවටම බුද්ධ පුජා, බුද්ධ වන්දනා, ධර්ම දේශනා, ධර්ම සාකච්චා මෙන්ම දාන සීල භාවනා වැඩ සටහන්ද පැවැත්විණි.

අසපුවාසී ස්වාමීන්වහන්සේ විසින් මෙහෙයවන ලද එම වැඩසටහන් අවසානයේ අසපු භුමිය පහන් කූඩුද දල්වාආලෝක පුජාවක්ද පැවැත්විණි.

අසපු භූමියේ රුවන්වැලි මහා චෛත්‍යයයේ අනුරුවද අසපු භූමියේ එළිමහනේ මනරම් පොකුණක් මැද්දේ වැඩසිටින නව බුද්ධ ප්‍රතිමා වහන්සේද විදුලි එළියෙන් ආලෝකමත් කර තිබිණි.

වෙසක් පුර පසළොස්වක දින රාත්‍රියේදී එහි චෛත්‍ය වන්දනාවක්ද පැවැත්විණි.

2 11 23 26 27 28