බොස්ටන් මැරතන් තරගයට එල්ල වූ බෝම්බ ප‍්‍රහාරයත් සමඟ ඊයේ(21) ආරම්භ වූ ලන්ඩන් මැරතන් තරගය සඳහා විශේෂ ආරක්ෂාවක් යෙදවීමට බි‍්‍රතාන්‍ය ආරක්ෂක අංශ පියවර ගත්තේය.
ලොව නන්දෙසින් පැමිණි ධාවකයන් 36,000කට අධික සංඛ්‍යාවක් ලන්ඩන් මැරතන් තරගයට සහභාගී වී සිටියහ. තරගය ආරම්භවීමට මොහොතකට පෙර සියලූම ධාවකයෝ බොස්ටන් ප‍්‍රහාරයට බිලිවූවන් සිහිපත් කර තත්ත්පර 30 නිහඬතාවක නිරත වූහ.
තරගය පැවැත්වෙන ප‍්‍රධාන මාර්ගයේ පිහිටි පාලම්, අතුරුමාර්ගවලට දැඩි ආරක්ෂාවක් ලබාදීමට බි‍්‍රතාන්‍ය පොලිසිය පියවරගෙන ඇත. බොස්ටන් ප‍්‍රහාරයෙන් පසුව ඇමෙරිකාවේ එෆ්.බී.අයි. පරීක්ෂකයන් සමඟ බි‍්‍රතාන්‍ය බුද්ධි අංශ සමීපව කටයුතු කරමින් සිටී.
පසුගිය වසරට වඩා සියයට හතළිහකින් ලන්ඩන් මැරතන් තරගය සඳහා ආරක්ෂාව වැඩි කිරීමට පියවරගෙන ඇති අතර ඒ සඳහා අතිරේක ආරක්ෂක නිලධාරීන් හා පොලිස් නිල සුනඛයන්ද යොදවා ඇති බව බි‍්‍රතාන්‍ය පොලිසිය පවසයි.
බි‍්‍රතාන්‍යයේ ඔටුන්න හිමි කුමාරවරුන් අතර තෙවැන්නා ලෙස සැලකෙන හැරී කුමරු මැරතන් තරගයේ පදක්කම් ප‍්‍රදානෝත්සවයට සහභාගීවීමට නියමිතව තිබිණි.
කළු පැහැති රිබන් පටි පැළැඳ තරගය එක් වූ ධාවකයන් තරගය අවසානයේදී තමාට ලැබෙන මුදලින් කොටසක් බොස්ටන් ප‍්‍රහාරයට බිලිවූවන් සඳහා ලබාදීමට එකඟ වූ බව තරග සංවිධායකයෝ පැවැසූහ.
|
ධාවකයන් බොස්ටන් ප‍්‍රහාරය සිහි කර නිහඬතාවේ..... |
2025 දෙසැම්බර් මස 04
801
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
588
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
466
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ලන්ඩන් මැරතන් තරගයටත් විශේෂ ආරක්ෂක සැලැසුමක්