යුරෝපයේ ප්‍රධානතම ථෙරවාද බෞද්ධ මධ්‍යස්ථානය වන ලන්ඩන් බෞද්ධ විහාරයේ කඨින පිංකම විහාරාධිපති මහා බ්‍රිතාන්‍යයේ ප්‍රධාන සංඝ නායක බෝගොඩ සීලවිමල  හිමියන්ගේ මුලිකත්වයෙන් පැවැත්විණි. ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කුලපති බෙල්ලන්විල විමලරතන නාහිමි, තේම්ස් බෞද්ධ විහාරාධිපති ඇහැලියගොඩ ධම්මපාල හිමි,   විහාරවාසී නාරද හිමි, නැගෙනහිර ලන්ඩනයේ ලුම්බිණි බෞද්ධ විහාරාධිපති මාකුරේ මංගල හිමි, ලන්ඩන් නුවර රෙඩ්බ්‍රිජ් බෞද්ධ විහාරාධිපති පෙතිගමුවේ හේමරතන හිමි, ලන්ඩන් නුවර එඩ්මන්ටන් බෞද්ධ විහාරාධිපති ගුන් නෑපානේ  අරියවංස හිමි, එම විහාරවාසී සුමනාරාම හිමි සමඟ ලන්ඩන් බෞද්ධ විහාරවාසී තවලම බන්දුල හිමි, දේදුනුපිටියේ උපනන්ද හිමි, කෝන්වැවේ අරියරතන හිමි සහ  කළුගමුවේ කස්සප හිමි සහභාගී වුහ.

කඨින පින්කමේ දායකත්වය දරන ලද්දේ දයා මෙන්ඩිස් සහ රාණි මෙන්ඩිස් යුවළ සමඟ ඔවුන්ගේ දරුවන් වන දිනේශා රයනි මෙන්ඩිස්, දිල්ශිනි රමේෂා මෙන්ඩිස් සන්දු සහ හර්ජිත් සන්දු විසිනි.

ශ්‍රී ලාංකික මෙන්ම වෙනත් ජාතික බෞද්ධයේ පිංකමට සහාය වුහ. සීලවිමල නාහිමියෝ පැමිණ සිටි මහා සංඝරත්නය සහ ගිහි සැදැහැවතුන් පිළිගනිමින් අනුසාශනාවක් පැවැත්වුහ. විමලරතන හිමි, උපනන්ද හිමි සහ අරියරතන හිමියන් ධර්ම දේශනා පැවැත්වුහ.  

1a[1] 4[2] 14[1] 20[1] 27[1] 41[1] Ven