යුරෝපයේ ප්‍රධානතම ථෙරවාද බෞද්ධ මධ්‍යස්ථානය වන ලන්ඩන් බෞද්ධ විහාරයේ කඨින පිංකම විහාරාධිපති මහා බ්‍රිතාන්‍යයේ ප්‍රධාන සංඝ නායක බෝගොඩ සීලවිමල හිමියන්ගේ මුලිකත්වයෙන් පැවැත්විණි. ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කුලපති බෙල්ලන්විල විමලරතන නාහිමි, තේම්ස් බෞද්ධ විහාරාධිපති ඇහැලියගොඩ ධම්මපාල හිමි, විහාරවාසී නාරද හිමි, නැගෙනහිර ලන්ඩනයේ ලුම්බිණි බෞද්ධ විහාරාධිපති මාකුරේ මංගල හිමි, ලන්ඩන් නුවර රෙඩ්බ්‍රිජ් බෞද්ධ විහාරාධිපති පෙතිගමුවේ හේමරතන හිමි, ලන්ඩන් නුවර එඩ්මන්ටන් බෞද්ධ විහාරාධිපති ගුන් නෑපානේ අරියවංස හිමි, එම විහාරවාසී සුමනාරාම හිමි සමඟ ලන්ඩන් බෞද්ධ විහාරවාසී තවලම බන්දුල හිමි, දේදුනුපිටියේ උපනන්ද හිමි, කෝන්වැවේ අරියරතන හිමි සහ කළුගමුවේ කස්සප හිමි සහභාගී වුහ.
කඨින පින්කමේ දායකත්වය දරන ලද්දේ දයා මෙන්ඩිස් සහ රාණි මෙන්ඩිස් යුවළ සමඟ ඔවුන්ගේ දරුවන් වන දිනේශා රයනි මෙන්ඩිස්, දිල්ශිනි රමේෂා මෙන්ඩිස් සන්දු සහ හර්ජිත් සන්දු විසිනි.
ශ්‍රී ලාංකික මෙන්ම වෙනත් ජාතික බෞද්ධයේ පිංකමට සහාය වුහ. සීලවිමල නාහිමියෝ පැමිණ සිටි මහා සංඝරත්නය සහ ගිහි සැදැහැවතුන් පිළිගනිමින් අනුසාශනාවක් පැවැත්වුහ. විමලරතන හිමි, උපනන්ද හිමි සහ අරියරතන හිමියන් ධර්ම දේශනා පැවැත්වුහ.
2025 නොවැම්බර් මස 04
510
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2246
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1680
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ලන්ඩන් බෞද්ධ විහාරයේ කඨින පිංකම