නිරිතදිග ලන්ඩනයේ කෙන්සිංටන් පළාතේ ඉතා වටිනා බළලකු පැහැර ගෙන ගිය කප්පම් කල්ලියක් ඌ ආපසු දීමට බ්‍රිතාන්‍ය පවුම් 5000 ක් (රුපියල් 1053711.12) ඉල්ලු බවත්, පසුව එම බළලා හිමි යුවළ කප්පම්කරුවන් සමඟ සාකච්ඡා කර පවුම් 1500 ක්(රුපියල් 316113.34) දී බළලා බේරා ගෙන ඇති බවත් බ්‍රිතාන්‍යයේ ඩේලිමේල් පුවත් සේවය වාර්තා කරයි.
මැගී නමැති එම වටිනා බළලාගේ හිමිකරුවන් වන්නේ නයිජල් මෙඩෝව්ස් සහ කැරොල් මැකාතර් නමැති යුවළය. මැගී පැහරගෙන ගොස් ඇත්තේ ඉකුත් හතර වැනිදාය.
බළලා පැහැරගත් අවස්ථාවේදී මොවුන් ඒ ගැන පොලිසියට දැනුම් දුන්න ද සතාගේ ජීවිතය ගැන සිතා ඌ බේරා ගැනීමට කප්පම්කරුවන්ට මුදල් දීමට තීරණය කර ඇත. ඒ අනුව, මැගී බේරා ගැනීමේ කටයුතු සිදුවී ඇත්තේ එසෙක්ස් උද්‍යානයේදීය.
මැගී උසස් පැටිකිරියක් ඇති බළලකු බවත් ඌ පවුම් 5000 ට වඩා තමන්ට වටිනා බවත් හිමිකරු යුවළ පවසා ඇත.
ලන්ඩනයේදීය (ඩේලිමේල්හිදීය)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ පුසා නම් මියෙක්වත් අල්ලලා අපිට සේවය කරනවා. මේ පුසෝ පිස්සු පූසෝ සතයක්වත් වටින්නේ නැහැ. නිකන් කකා නිදාගන්නවා(නදී)
මැගී, ඔයා හරිම ලකී! ඒ වුණාට අපේ මැගීලා නම් ඉපදුන ගමන් සිල් ගන්න හෝ මරණයට මුහුණ දෙන්න ඕනෑ. ඔයා පුංචි රැජිණක් (නි)
ඔය පහන් එක්කෝ පූසන්ට බයේ හරි තරහෙ ඉන්නේ. එහෙම නැත්නම් මෙතනට ලියන අයව අන්දවන්න හදන්නේ. ඔය වගේ හැබැයි ඔයිට වැඩිය සැර කතාවක් ඔයිට කලින් ගිය පුස් කේස් එකකට ලියල කමෙන්ට්ස් දාපු අයව කුලප්පු කරා. නැත්නම් පහන් පූසාත් එක්ක ඉරිසියාවයි. ගෑනු ළමයි පූසාව වඩාගෙන හුරතල් කරන නිසා. පහන්ව හුරතල් කරන්න කෙනෙක් ගෙදර නෑ නේද? ඔයාට ගෙදර සහ ඔෆිස් පැත්තේ තියෙන්නේ පූසාට වඩා පහල තැනක් නේද? (ස)
මම මේ ඉන්න රටේ අල්ලපු ගෙදර ඉන්න පුසන්ට දාලා තියෙන්නේ ගෙදර ස්වාමියගේ පෙළපත් නාම වලින් එන නම්. ඒ පුසන්ට ඒ නම් කතාකළාට එන්නේ නැහැ. දිග වැඩියි (නි)
මොක්කක්ද අප්පේ ඔයාකාර උසස් පැටිකිරිය. මට නම් පේන්නේ කකුල් හතරේ සාමාන්‍ය හොර පුසෙක් තමා. (නදී)
මැගී, ඔයා නම් හරි වාසනාවන්තයෙක්. අපේ රටේ නම් කුඩා ළමයෙකුටවත් මෙහෙම අගයක් නැහැ. අපේ රටේ වටිනාම පුද්ගලයෝ තමයි දේශපාලුවෝ (නි)
ඩෝසන්, මළපොතේ අකුරු නොදන්නා අයට ඉංග්‍රීසි උගන්නන්න දේශපාලකයොත් ඉන්න රටක් මේක. ඔවුන් ලංකාවේ දුප්පතුන්ගේ රුපියල් බැංකුවට යවන්නේ ඔවුන්ගේ ඩොලර් ගිණුමට. (නදී)
අයියෝ අපිටවත් නැහැනේ මෙහෙම වටිනාකමක් (නි)
පූසා හරි ඉරිසියාකාර සතා. පුරු පුරු ගාන්නේ ඉරිසියාවේ පුපුරනව .බල්ලෙකුට බත් ටිකක් දිපුවහම ස්වාමියට ඉතුරුවෙන්න ඕනේ ඉතුරු වෙන්න ඕනේ කියල බත් කන්නේ වටේට .පූස ස්වාමියට නැතිවෙන්න ඕනේ කියල බත් ගොඩේ මුදුනෙන්ම කනවා .පූසා කැමති හොඳට සැපට නිදන්න. බල්ල කැමති ස්වාමියට . (ස)
මැගී ඔයා තමයි ලෝකේ ඉන්න වාසනාවන්තම පූසා (අ)
පහන්,පූසා පුරු පුරු ගාන්නෙ සන්තෝෂයට. අනේ ඔයා පූසො ගැන දන්න දේ තමයි... (නි)
පිස්සු පූසා......! (නි)
අපේ රටේ මිනිස්සුන්ටත් මෙහෙම වටිනාකමක් තියෙනවනම් (ම)
අනේ පහන් (බ)
දැන් මෙතන මාතෘකාව පහන් (බ)
අනික එතකොට අපේ පූසා කොච්චර වටිනවා ඇත්ද (බ)
පහන්, ඔයා ගිය ආත්මේ පුසෙක්ද? නැත්නම් බලු කුක්කෙක්ද? (නදී)
ලංකාවේ සමහර දේශපාලකයෝ වටිනවා ඩොලර් බිලියන ට්‍රිලියන ගණන් හැබැයි මළපොතේ අකුරක් උගත් කමක් නෑ (ම)