නිරිතදිග ලන්ඩනයේ කෙන්සිංටන් පළාතේ ඉතා වටිනා බළලකු පැහැර ගෙන ගිය කප්පම් කල්ලියක් ඌ ආපසු දීමට බ්‍රිතාන්‍ය පවුම් 5000 ක් (රුපියල් 1053711.12) ඉල්ලු බවත්, පසුව එම බළලා හිමි යුවළ කප්පම්කරුවන් සමඟ සාකච්ඡා කර පවුම් 1500 ක්(රුපියල් 316113.34) දී බළලා බේරා ගෙන ඇති බවත් බ්‍රිතාන්‍යයේ ඩේලිමේල් පුවත් සේවය වාර්තා කරයි.
මැගී නමැති එම වටිනා බළලාගේ හිමිකරුවන් වන්නේ නයිජල් මෙඩෝව්ස් සහ කැරොල් මැකාතර් නමැති යුවළය. මැගී පැහරගෙන ගොස් ඇත්තේ ඉකුත් හතර වැනිදාය.
බළලා පැහැරගත් අවස්ථාවේදී මොවුන් ඒ ගැන පොලිසියට දැනුම් දුන්න ද සතාගේ ජීවිතය ගැන සිතා ඌ බේරා ගැනීමට කප්පම්කරුවන්ට මුදල් දීමට තීරණය කර ඇත. ඒ අනුව, මැගී බේරා ගැනීමේ කටයුතු සිදුවී ඇත්තේ එසෙක්ස් උද්‍යානයේදීය.
මැගී උසස් පැටිකිරියක් ඇති බළලකු බවත් ඌ පවුම් 5000 ට වඩා තමන්ට වටිනා බවත් හිමිකරු යුවළ පවසා ඇත.
ලන්ඩනයේදීය (ඩේලිමේල්හිදීය)
2025 නොවැම්බර් මස 04
479
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2227
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1671
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ලන්ඩන් පූසාට ලක්ෂ තුනක කප්පමක්
සුනිල් ගිකියනගේ Friday, 26 June 2015 07:59 PM
අපේ පුසා නම් මියෙක්වත් අල්ලලා අපිට සේවය කරනවා. මේ පුසෝ පිස්සු පූසෝ සතයක්වත් වටින්නේ නැහැ. නිකන් කකා නිදාගන්නවා(නදී)
චතුරි Friday, 26 June 2015 12:47 AM
මැගී, ඔයා හරිම ලකී! ඒ වුණාට අපේ මැගීලා නම් ඉපදුන ගමන් සිල් ගන්න හෝ මරණයට මුහුණ දෙන්න ඕනෑ. ඔයා පුංචි රැජිණක් (නි)
දිනේෂ් Saturday, 27 June 2015 09:01 AM
ඔය පහන් එක්කෝ පූසන්ට බයේ හරි තරහෙ ඉන්නේ. එහෙම නැත්නම් මෙතනට ලියන අයව අන්දවන්න හදන්නේ. ඔය වගේ හැබැයි ඔයිට වැඩිය සැර කතාවක් ඔයිට කලින් ගිය පුස් කේස් එකකට ලියල කමෙන්ට්ස් දාපු අයව කුලප්පු කරා. නැත්නම් පහන් පූසාත් එක්ක ඉරිසියාවයි. ගෑනු ළමයි පූසාව වඩාගෙන හුරතල් කරන නිසා. පහන්ව හුරතල් කරන්න කෙනෙක් ගෙදර නෑ නේද? ඔයාට ගෙදර සහ ඔෆිස් පැත්තේ තියෙන්නේ පූසාට වඩා පහල තැනක් නේද? (ස)
සිල්වියා Saturday, 27 June 2015 04:30 PM
මම මේ ඉන්න රටේ අල්ලපු ගෙදර ඉන්න පුසන්ට දාලා තියෙන්නේ ගෙදර ස්වාමියගේ පෙළපත් නාම වලින් එන නම්. ඒ පුසන්ට ඒ නම් කතාකළාට එන්නේ නැහැ. දිග වැඩියි (නි)
ශාන්ත - කටාර් Saturday, 27 June 2015 12:16 AM
මොක්කක්ද අප්පේ ඔයාකාර උසස් පැටිකිරිය. මට නම් පේන්නේ කකුල් හතරේ සාමාන්‍ය හොර පුසෙක් තමා. (නදී)
පැතුම් Friday, 26 June 2015 02:48 AM
මැගී, ඔයා නම් හරි වාසනාවන්තයෙක්. අපේ රටේ නම් කුඩා ළමයෙකුටවත් මෙහෙම අගයක් නැහැ. අපේ රටේ වටිනාම පුද්ගලයෝ තමයි දේශපාලුවෝ (නි)
රාධා Saturday, 27 June 2015 12:58 AM
ඩෝසන්, මළපොතේ අකුරු නොදන්නා අයට ඉංග්‍රීසි උගන්නන්න දේශපාලකයොත් ඉන්න රටක් මේක. ඔවුන් ලංකාවේ දුප්පතුන්ගේ රුපියල් බැංකුවට යවන්නේ ඔවුන්ගේ ඩොලර් ගිණුමට. (නදී)
ටිකිරි Friday, 26 June 2015 03:06 AM
අයියෝ අපිටවත් නැහැනේ මෙහෙම වටිනාකමක් (නි)
පහන් Friday, 26 June 2015 10:49 AM
පූසා හරි ඉරිසියාකාර සතා. පුරු පුරු ගාන්නේ ඉරිසියාවේ පුපුරනව .බල්ලෙකුට බත් ටිකක් දිපුවහම ස්වාමියට ඉතුරුවෙන්න ඕනේ ඉතුරු වෙන්න ඕනේ කියල බත් කන්නේ වටේට .පූස ස්වාමියට නැතිවෙන්න ඕනේ කියල බත් ගොඩේ මුදුනෙන්ම කනවා .පූසා කැමති හොඳට සැපට නිදන්න. බල්ල කැමති ස්වාමියට . (ස)
බි Friday, 26 June 2015 03:24 AM
මැගී ඔයා තමයි ලෝකේ ඉන්න වාසනාවන්තම පූසා (අ)
සමිරු Friday, 26 June 2015 11:23 AM
පහන්,පූසා පුරු පුරු ගාන්නෙ සන්තෝෂයට. අනේ ඔයා පූසො ගැන දන්න දේ තමයි... (නි)
අකිල Friday, 26 June 2015 01:01 PM
පිස්සු පූසා......! (නි)
චමත් Monday, 29 June 2015 10:11 AM
අපේ රටේ මිනිස්සුන්ටත් මෙහෙම වටිනාකමක් තියෙනවනම් (ම)
කමල් Monday, 29 June 2015 10:46 AM
අනේ පහන් (බ)
මංගල Sunday, 28 June 2015 06:52 AM
දැන් මෙතන මාතෘකාව පහන් (බ)
සරා Sunday, 28 June 2015 07:05 AM
අනික එතකොට අපේ පූසා කොච්චර වටිනවා ඇත්ද (බ)
තුවාන් Saturday, 27 June 2015 07:54 AM
පහන්, ඔයා ගිය ආත්මේ පුසෙක්ද? නැත්නම් බලු කුක්කෙක්ද? (නදී)
ඩෝසන් Friday, 26 June 2015 07:33 AM
ලංකාවේ සමහර දේශපාලකයෝ වටිනවා ඩොලර් බිලියන ට්‍රිලියන ගණන් හැබැයි මළපොතේ අකුරක් උගත් කමක් නෑ (ම)