ලන්ඩන් බෞද්ධ විහාරයේ "පාලි භාෂාවේ පාරිභාෂික ශබ්ද, ඒවායේ තේරුම් සහ බුදුදහමේ පාලි භාෂා භාවිතය" පිළිබඳ පාඨමාලාව නැවත වතාවක් මෙම 21 වැනි සඳුදා සිට ආරම්භ කර ඇත. පාඨමාලාව මෙහෙයවනුයේ උතුරු ඇමෙරිකාවේ ප්‍රධාන සංඝනායක දේදුනුපිටියේ උපනන්ද හිමියන් විසිනි.
උන්වහන්සේ කැලණිය විශ්ව විද්‍යාලයේ පාලි භාෂාව පිළිබඳ ශාස්ත්‍රාචාර්ය උපාධිය ද ඇමෙරිකාවේ ෆ්ලොරිඩා ජාත්‍යන්තර විශ්ව විද්‍යාලයෙන් සහ බ්‍රිතාන්‍යයේ කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයෙන් පශ්චාත් උපාධිද ලබා ගෙන ඇත.
දැනට ලන්ඩන් නුවර කිංග්ස් කොලේජ් විශ්ව විද්‍යාලයේ ආචාර්ය උපාධියට ඉගෙන ගන්නා උන්වහන්සේ සිංහල, ඉංග්‍රීසි, පාලි සහ සංස්කෘත භාෂාව පිළිබඳ හසල දැනුමක් ලබා සීටි.
ලන්ඩන් බෞද්ධ විහාරයේ ධර්මපාල ශාලාවේදී පාඨමාලාව සතිපතා පැවැත්වේ. මෙම පාඨමාලාවට සහභාගිවන්නන් අඛණ්ඩව පැමිණීම වැදගත් වෙයි. අතපසුවන පන්ති වලදී සාකච්ජා කෙරුණ කරුණු විද්‍යුත් තැපෑලෙන් ලැබෙන්නට සලස්වනු ඇත.
පන්ති ආරම්භයේ පළමු පැය අවසානයේ සහ පන්ති අවසානයේ විනාඩි කිහිපයක භාවනා වැඩසටහනක්ද පැවැත්වෙයි. පාලි භාෂාව පිළිබඳ ආරම්භක අවබෝධයක් ලබාගැනීම පිළිබඳ උනන්දුවක් දක්වන ඕනෑම කෙනෙකුට සහභාගී විය හැකිය. ගාස්තු අයකිරීමක් නැත. සතියකට වරක් සෑම සඳුදා දිනයකදීම සවස 7 සිට 9 දක්වා පන්ති පැවැත්වෙයි.
බුදු දහමේ භාවිතා වන ප්‍රධාන පාලි යෙදුම් පිළිබඳව සහ වන්දනා සහ භාවනා කටයුතු වලදී යොදාගන්නා පාලි ගාථා සහ වදන් පිළිබඳ අවබෝධයක් ලබාගැනීම තුළින් දෛනික ජීවිතය ද අධ්‍යාත්මික මෙන්ම මානසික සුවයක් ලබාගැනීම සඳහා උපකාරීවන දැනුමක් වර්ධනය කිරීම මෙම පාඨ මාලාව තුළින් උත්සාහ කෙරෙනු ඇත.
![LBV_2[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/09/LBV_21.jpg)
![LBV_3[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/09/LBV_31.jpg)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතාමත්ම හොද වැඩක් .....ඔබතුමන්ලාට නිරෝගී සම්පත්තිය සහ දීර්ඝයුශ ප්‍රාර්ථනා කරමි....!!! (ම)
හොඳ වැඩක් (නි)
සාධු සාධු සාධු !!! ඉතා උතුම් කාලෝචිත කර්තව්‍යයක්. (නි)
මෙය ශාසනයේ දියුණුව පතන කාගේත් සතුටට හේතුවක්. (නි)