dampal_150906(1) dampal_150906

යුරෝපයේ ප්‍රධානතම ථෙරවාද බෞද්ධ විහාරස්ථානය වන ලන්ඩන් බෞද්ධ විහාරය ආරම්භ කළ අනගාරික ධර්මපාල තුමන්ගේ 151 වැනි වාර්ෂික ගුණ සමරු පිංකම ලබන මස 19 වැනි සෙනසුරාදා සහ 20 වැනි ඉරිදා පැවැත් වීමට යයි. විහාරාධිපති බෝගොඩ සීලවිමල නාහිමියෝ පැවසුහ.

සෙනසුරාදා සවස 5 ට ලන්ඩන් බෞද්ධ විහාරයේ ධර්මපාල ශාලාවේදී ලන්ඩන් නුවර ශාන්ත මේරි විශ්ව විද්‍යාලයයේ දර්ශන විද්‍යාව පිළිබඳ මහාචාර්ය ජෙෆ්රි හන්ට්ය. ඔහු කලක් සරේ විශ්ව විද්‍යාලයයේ ධර්ම පිලිබඳ මහාචාර්ය වරාය වු බුදුදහම පිළිබඳ ශාස්ත්‍රීය ගවේෂණ කරන " නිව් බුද්ධ වේ" සංවිධානයේ නිර්මාතෘවරයාය.

වර්තමාන ලෝකයේ ශිඝ්‍රයෙන් පැතිරෙමින් පවතින විවිධාකාර සමාජ සහ සංස්කෘතිකමය ගැටළු සහ හැල හැප්පිලි වලින් මිදීම සඳහා මාර්ගෝපදේශයක් ලෙස යොදා ගැනීමේදී බුදුදහමේ ඉගැන්වීම් කෙතරම් දුරට ප්‍රායෝගික වේද යන්න පිළිබඳවත් අනගාරික ධර්මපාල තුමන්ගේ දුරදක්නා දැක්මෙන් බටහිර ලෝකය වෙත හඳුන්වා දුන් බුදු දහම සංකීර්ණ බටහිර සමාජයට අද වනවිට කෙතරම් ප්‍රයෝජනයක් වී ඇත්ද යන්න පිළිබඳවත් මෙම දේශනයේදී සාකච්ඡාවට  භාජනය කැරෙනු ඇත.

එදිනම සවස 6.30 ට ගිලන්පස  බුද්ධ පුජා පින්කමක් සහ 7.30 සිට මැදියම් රාත්‍රිය දක්වා පරිත්‍රාණ ධර්ම දේශනාවක්ද පැවැත්වෙයි. මේ සඳහා ලන්ඩන් බෞද්ධ විහාර වාසි මහා සංඝ රත්නය සහ බ්‍රිතාන්‍යයේ සියලුම විහාරස්ථාන නියෝජනය කරමින් මහා සංඝ රත්නය වැඩම කරනු ඇත. 20 වන ඉරුදින උදේ 7 ට පිරිත් පිංකම සඳහා වැඩම කරන සංඝයා වහන්සේ උදෙසා හිල් දානය පිරිනැමෙයි.