IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


ලන්ඩන් පන්සල දම්පල් දිනය සමරයි

dampal_150906(1) dampal_150906

යුරෝපයේ ප්‍රධානතම ථෙරවාද බෞද්ධ විහාරස්ථානය වන ලන්ඩන් බෞද්ධ විහාරය ආරම්භ කළ අනගාරික ධර්මපාල තුමන්ගේ 151 වැනි වාර්ෂික ගුණ සමරු පිංකම ලබන මස 19 වැනි සෙනසුරාදා සහ 20 වැනි ඉරිදා පැවැත් වීමට යයි. විහාරාධිපති බෝගොඩ සීලවිමල නාහිමියෝ පැවසුහ.

සෙනසුරාදා සවස 5 ට ලන්ඩන් බෞද්ධ විහාරයේ ධර්මපාල ශාලාවේදී ලන්ඩන් නුවර ශාන්ත මේරි විශ්ව විද්‍යාලයයේ දර්ශන විද්‍යාව පිළිබඳ මහාචාර්ය ජෙෆ්රි හන්ට්ය. ඔහු කලක් සරේ විශ්ව විද්‍යාලයයේ ධර්ම පිලිබඳ මහාචාර්ය වරාය වු බුදුදහම පිළිබඳ ශාස්ත්‍රීය ගවේෂණ කරන " නිව් බුද්ධ වේ" සංවිධානයේ නිර්මාතෘවරයාය.

වර්තමාන ලෝකයේ ශිඝ්‍රයෙන් පැතිරෙමින් පවතින විවිධාකාර සමාජ සහ සංස්කෘතිකමය ගැටළු සහ හැල හැප්පිලි වලින් මිදීම සඳහා මාර්ගෝපදේශයක් ලෙස යොදා ගැනීමේදී බුදුදහමේ ඉගැන්වීම් කෙතරම් දුරට ප්‍රායෝගික වේද යන්න පිළිබඳවත් අනගාරික ධර්මපාල තුමන්ගේ දුරදක්නා දැක්මෙන් බටහිර ලෝකය වෙත හඳුන්වා දුන් බුදු දහම සංකීර්ණ බටහිර සමාජයට අද වනවිට කෙතරම් ප්‍රයෝජනයක් වී ඇත්ද යන්න පිළිබඳවත් මෙම දේශනයේදී සාකච්ඡාවට  භාජනය කැරෙනු ඇත.

එදිනම සවස 6.30 ට ගිලන්පස  බුද්ධ පුජා පින්කමක් සහ 7.30 සිට මැදියම් රාත්‍රිය දක්වා පරිත්‍රාණ ධර්ම දේශනාවක්ද පැවැත්වෙයි. මේ සඳහා ලන්ඩන් බෞද්ධ විහාර වාසි මහා සංඝ රත්නය සහ බ්‍රිතාන්‍යයේ සියලුම විහාරස්ථාන නියෝජනය කරමින් මහා සංඝ රත්නය වැඩම කරනු ඇත. 20 වන ඉරුදින උදේ 7 ට පිරිත් පිංකම සඳහා වැඩම කරන සංඝයා වහන්සේ උදෙසා හිල් දානය පිරිනැමෙයි.

 

 



අදහස් (0)

ලන්ඩන් පන්සල දම්පල් දිනය සමරයි

අචිර Sunday, 06 September 2015 04:29 PM

මෙම පන්සලෙන් එංගලන්තයේ සුද්දන්ට ලොකු සේවයක් කරන්න පුළුවන්. එහි සුද්දන් මානසික ආතතියෙන් හා පීඩනයකින් ජීවත්වෙනවා. යන්ත්‍ර සුත්‍ර වගේ වැඩකරමින් සල්ලිම පස්සේ දුවනවා. මෙකී ජනතාවට බණ භාවනා හා පන්සිල් කියාදීමෙන් ලොකු සේවයක් කරන්න පුළුවන් (නි)

:       0       0

ඉඳුනිල් ලන්ඩන් Monday, 07 September 2015 01:08 PM

සමරලා වැඩක් නැහැ හාමුදුරුවනේ, ධර්මපාල තුමා කියූ කරුණු ක්‍රියාවට නගන්න උත්සහ කරන්න. දැන් අවශ්‍ය බොරුවට උත්සව තියන එක නෙමෙයි රට, ජාතිය හා සම්බුද්ධ සාශනය රැක ගැනීමට අවශ්‍ය ක්‍රියාවන් දියත් කිරීමයි. කෝ එකට වැඩ පිළිවෙලක් තියෙනවද? (බ)

:       0       0

සුලෝචන Monday, 07 September 2015 07:05 AM

මහායාන කියන්නේ නියම බුද්ධාගම. (නි)

:       0       0

වසන්ත Monday, 07 September 2015 07:10 AM

දම්පල් හිමියන් එදා කී දේවල් අද වෙමින් පවතිනවා (නි)

:       0       0

මහින්ද ආර් කිතුල්ගොඩ සී ෂෙල්ස් Sunday, 06 September 2015 06:05 PM

ගරුතර විහාරාධිපති හිමියනි,සිරිලක බොදුනුවන් පිරිහීමේ මාවතට පිවිසෙමින් සිටී. බුදු දහමත් එය රැකගතයුතු හිමිවරුනුත් සමහරෙක් වාණිජකරණයටත්,සමහරෙක් දේශපාලනීකරණයටත් ,තවත් සමහරෙක් උතුම් ශාසනය තුළ මහේශාක්‍ය ලීලාව පමණක් තබා ගැනීමට වෙහෙස වෙමිනුත් කාලය ගෙවාදමමින් සිටී. ඒ අතරම සිරිලක පුරා විසිරී පැතිරී තිබු බෞද්ධ සිද්ධස්ථාන කෙමෙන් කෙමෙන් අඩුවෙමින් සමහර ඒවා මත අන්‍යාගමික සිද්ධස්ථාන ඉදිවෙමින් පවතී.එදා දම්පල්තුමා කී දේවල් අද සත්‍ය වෙමින් පවතී.ඉපදෙන්නට සිටින දරුවන් කුස තුළම හෝ තිඹිරි ගෙයිදීම මියයාමත් පාසල් යන දරුවන්ගේ පටන් මනස අවුල්කර යහපත් දරු පරපුරක් බිහිකිරීමට ඇති ඉඩකඩ අහුරා දැමීමටත්, ඊටත් වඩා අඳින පළඳින ඇඳුම් වලට පවා වඳ බෙහෙත් අඩංගු ද්‍රව්‍ය එක්කිරීමටත්, මත් කුඩු ප්‍රචලිතකර පරපුර වඳ කිරීමටත් පිරිසක් සැදී පැහැදී සිටියදී ජාතියේ කොඳු නාරටි එහෙ මෙහෙ වැනෙමින් ජනතාවට බණ පමණක් දේශනා කරමින් තම සුඛවිහරණයත්,පම්පෝරියත් ගැනම පමණක් දෙසමින් කල්ගෙවන මෙවන් යුගයක උතුම් බුදු දහම යුරෝපයට පමණක් දේශනා කිරීම සීමානොකර වරින් වර හෝ සිරිලකට වැඩමවා එදා දම්පල්තුමා පැවසු දැනට සිදුවෙමින් පවතින සත්‍ය හා බුදු සමිඳුන් දෙසු නිර්මල ධර්මය ලක්වැසි දනන් වෙත වටහාදීමට කාරුණික වෙන මෙන් ඔබ වහන්සේගෙන් අයැද සිටිමි. (නි)

:       0       0

පහන් Sunday, 06 September 2015 07:01 AM

යළි උපදින්නේ කවදාද හිමි දම්පල් අනගාරික? (නි)

:       0       0

ඉනෝකා Sunday, 06 September 2015 08:23 PM

ථෙරවාදී සහ මහායාන බුදුදහම අතර ඇති වෙනස කුමක්ද කියා කිසියම් පින්වතෙක් පැහැදිලි කර දෙන්නේ නම් ස්තූතිවන්ත වෙමි. (නි)

:       0       0

මහේෂ මුතුකුඩ Monday, 07 September 2015 09:27 AM

සුලෝචන අඩුමගානේ දන්නවද ලංකාවේ තියෙන්නේ මහායානද ථෙරවාදීද කියල?(ම)

:       0       0

ස්වර්ණා ශ්‍රී Thursday, 10 September 2015 06:32 PM

දේදුනුපිටියේ ස්වාමීන් වහන්සේගෙන් වෙනදා මෙන් සුමධුර දහම් දෙසුමක් ඉංග්‍රීසි බසින් තිබුනොත් මැනවි. (නි)

:       0       0

ආරියසේන Tuesday, 08 September 2015 02:47 AM

ලෝකයෙන් උතුම්ම දහම බුදුදහම.අපේ ශාසනයේ ඉටු දේවතාවන් වන හාමුදුරුවන් වහන්සේලා කරන ආගමික මෙහෙය කොයිතරම්ද? ඒත් දැන් මිසදිටු අදහස් වපුරන පිරිසක් රට තුළ සිටින බව කවුරුත් දැනගත යුතුය.එලසම එම අය නීතිය හමුවට ගෙනවිත් දඬුවම් පැමිණවිය යුතුය. (නි)

:       0       0

තිමල් Sunday, 06 September 2015 01:59 PM

සාධු සාධු සාධු!!! (නි)

:       0       0

කරුණාරත්න Monday, 07 September 2015 06:00 AM

බුදු සසුන බැබළේවා! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 498 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2240 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1676 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site