නව වසරට සුභ පැතීමේ අරමුණෙන් ශ්‍රී ලංකාවේ ශ්‍රීපාද වන්දනා සමය සිහිපත් කරමින් මහා බ්‍රිතාන්‍යයේ මහමෙව්නාව භාවනා අසපු මුලස්ථානය විසින් සංවිධානය කෙරුණ සර්ව රාත්‍රී "සිරි ගෞතම මුනි සිරිපා වන්දනා" පින්කමක් දෙසැම්බර් 31 වන බ්‍රහස්පතින්දා පැවැත්විණි. අසපුව පිහිටි බැසිල්ඩන් නගරයේ වොට් ටයිලර් ශාලාවේදී පැවැත්වුණ පිංකම සඳහා ශ්‍රී ලාංකික මෙන්ම යුරෝපා ජාතික සැදැහැවත්හු විශාල පිරිසක් සහභාගි වුහ.
සවස 6 සිට පසුදින උදැසන 6 දක්වාම පැවැත්වුණ පිංකම සඳහා බුද්ධ වන්දනා, ධර්මදේශනා, ධර්ම සාකච්ජා, පිරිත් දේශනා සහ සිරිපා වන්දනාව ඇතුළත් විය. පිංකම මෙහෙයවුයේ මහමෙව්නාව භාවනා අසපුවාසි ස්වාමින් වහන්සේ විසිනි.
මේඅතර එම දිනයේදීම සරේ අසපුව සහ හිලින්ඩන් අසපුව විසින් ස්වර්ණමාලි මහසෑ වන්දනාවක් සහ සර්ව රාත්‍රික සිංහල සහ පාලි පිරිත් සජ්ජායනාවක්ද, වොරින්ටන් අසපුව විසින් සත්බුදු වන්දනා පින්කමක්ද සටැන්මෝර් අසපුව විසින් සිරි ගෞතම ධාතු වන්දනාවක් සහ පිරිත් සජ්ජායනාවක්ද පවත්වනු ලැබීය.








![SWARNAMALI3[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/01/SWARNAMALI31.jpg)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd