බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර ස්ට්‍රැට්ෆෝඩ්හි ස්ථාන කිහිපයක දී එල්ල කරන ලද ඇසිඩ් ප්‍රහාරවලින් හයදෙනකු පිළිස්සුම් තුවාල ලබා ඇතැයි වාර්තා වේ.

පොලිසිය පවසන්නේ ස්ට්‍රැට්ෆෝඩ් වෙළඳ සංකීර්ණය අසලදී දෙපිරිසක් බහින් බස් වූ බවට වාර්තා වී ඇති බවයි.

තුවාල ලැබූ පිරිස වහාම රෝහල් ගත කර ඇති අතර සැකකරුවකු අත්අඩංගුවට ගෙන ඇත. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පහලොස් හැවිරිදි පිරිමි ළමයෙකි.

මෙය ත්‍රස්තවාදී ප්‍රහාරයක්ද යන්න සම්බන්ධව පරීක්ෂණ ආරම්භ කර ඇති බව පොලිසිය පවසයි.

(ඉන්ඩිපෙන්ඩන්ට් පුවත් ඇසුරිණි - 085)