IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


‘ලන්ඩන් ගින්න ත්‍රස්ත වැඩක් නොවේ‘

අප්‍රේල් 1වැනිදා ලන්ඩන් නුවර මධ්‍යයේ සිදුවූ භයානක ගින්න ත්‍රස්තවාදීන්ගේ ක්‍රියාවක් නිසා නොව භූගත විදුලි රැහැන් පද්ධතියේ දෝෂයක් නිසා සිදුවූවක් බව සනාතකරන බ්‍රිතාන්‍ය පොලිසිය එම ගින්න මැඩපැවැත්වීම සඳහා අවශ්‍ය සියලු පියවර ක්‍රියාත්මක කර ඇතිබවද පවසයි.

බ්‍රිතාන්‍යයේ සරණාගතයින් ලෙස රජයේ ආධාර ලබමින් ජිවත්වන අරාබි ජාතිකයින්ගේ පවුල්වල තරුණ තරුණයින් 500 කට වැඩි පිරිසක් සිරියාවේ ක්‍රියාත්මක අයිඑස් අයිඑස් ත්‍රස්තවාදී කණ්ඩායම් සමඟ එකතුවීමට ගිය බවත් ඉන් වැඩි පිරිසක් යුද පුහුණුව ලබා හොර රහසේම එංගලන්තය වෙත ආපසු පැමිණි බවත් පසුගියදා වාර්තාවීමෙන් පසුව එංගලන්තය පුරාම ත්‍රස්තවාදී ප්‍රහාර එල්ලවීමේ හැකියාව ඉහල මට්ටමකට පත්ව ඇතිබව ආරක්ෂක අංශ පිළිගත්තේය.

මෙවැනි වාතාවරණයක් යටතේ බදාදා ලන්ඩන් නුවර සිදුවූ ගින්න පිළිබඳව විවිධ කටකතා ඉක්මනින් පැතිරී ගියේය.

ගින්න සිදුවී ලන්ඩන් නුවර මධ්‍යයේ පිහිටි හොර්බෝන් ප්‍රදේශයවටකොට ආරක්ෂක වළල්ලක් ඉක්මනින් පිහිටුවනු ලැබිය. ඒ අසල පිහිටි  මහාධිකරණ භුමියේ සිටි විනිසුරුවරුන් ඉක්මනින් ආරක්ෂක ස්ථාන වෙත රැගෙන යනු ලැබිය. සියලුම උසාවි සහ කාර්යාල වසා දමනු ලැබිය.

ගින්න ඇතිවී සුළු මොහොතකින් මුළු පලාතම කළු අප්‍රසන්න දුමකින් වෙලිගිය අතර ඒ අවට පිහිටි ප්‍රධාන නාට්‍ය ශාලා කිහිපයක්ම වසා දැමු අතර ජනප්‍රිය නාට්‍ය දර්ශන බොහොමයක්ම අවලංගු කරනු ලැබිය. 

ගින්න මතුවුයේ ප්‍රධාන මාර්ගයේ මැද  පිහිටි කුහරයකිනි. වහාම ක්‍රියාත්මකවූ ගිනි නිවන හමුදාව සහ පොලිසිය සම්පුර්ණ ප්‍රදේශයම ඉක්මනින් ආරක්ෂක වැටකින් වෙන් කරනු ලැබිය.

රාත්‍රී 8 වන තුරුම පොලොව යටින් විශාල ගිනිදැල් මතුවනු පෙනෙන්නට තිබුන බව වාර්තා විය.

ලන්ඩන් ගිනි නිවන හමුදාවේ ප්‍රකාශකයෙකු පැවසුවේ ගින්න පැතිරී යාම වැලැක්වීම සඳහා අවශ්‍ය පියවර ගෙන ඇති බවයි.

මෙම ගින්න නිසා ලන්ඩන් නුවර බුගත දුම්රිය සහ බස් ගමනා ගමනය වැඩසටහන් මුළුමනින්ම අඩපනවී ඇතිබව එම සමාගම් පවසා ඇත.

5 7 8 10

 

 



අදහස් (0)

‘ලන්ඩන් ගින්න ත්‍රස්ත වැඩක් නොවේ‘

දුමින්ද Thursday, 02 April 2015 09:56 AM

කරන කලට පව් මීරිය මීසේ -කිරි පෙව් සර්පයන් සිහි වී-සිත් ගිනි ගනී. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 605 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 294 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site