එංගලන්තයේ ලන්ඩන් නුවර මුස්ලිම් හා ක්‍රිස්තියානි සංවිධාන එක්ව එරට නිවාස අහිමි අයට හා අවශ්‍යතා ඇති අයට උපකාර කිරමින් සිටින බව බීබීසීය වාර්තා කරයි.නත්තල් සමය නිමිත්තෙන් මේ සමාජ සත්කාරය කරන බව එම සංවිධාන කියයි.

‘මුස්ලිම් ඒඩ්‘,‘අල් කයීර් පදනම‘,‘ස්ට්‍රීට් ලයිට්‘ යන සංවිධාන හා ක්‍රිස්තියානි දේවස්ථාන එක්ව වියළි ආහාර,පිසු ආහාර හා කූඩාරම් අවශ්‍යතා ලබා දෙයි.

උත්සව සමයේ වෙළඳසැල් වසා ඇති දිනවල නිවාස අහිමි පිරිස් සීතලෙන් ආරක්ෂා කිරීමටත් ඔවුන්ගේ කුසගින්න නිවාගැනීමට උදව් වීමත් තම අරමුණ බව එම සංවිධාන කියයි.

නිවාස අහිමි පිරිසකට රාත්‍රී ආහාර වේලක් ලබා දීමටද ඔවුහු කටයුතු කළහ.