බ්‍රිතාන්‍යයේ එක්සත් ජාතික පක්ෂ ශාඛාවේ විධායක කමිටුව ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී දක්ෂිණ සංවර්ධන ඇමති සාගල රත්නායක සමඟ ලන්ඩන් නුවරදී හමුවු බව ලන්ඩන් ශාඛාවේ මාධ්‍ය ලේකම් කපිල මල්ලිකාරච්චිගේ කියයි.
ශ්‍රී ලංකාවේ වර්තමාන දේශපාලන වාතාවරණය පිළිබඳ විස්තර සාකච්ජා කළ මෙම හමුව සංවිධානය කර ඇත්තේ එජාප නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ කළ ඉල්ලීමකට අනුව බවද ඔහු කියයි.
පසුගිය වසර තිස් පහක පමණ කාලයක් පක්ෂයේ වැඩ කටයුතු සඳහා ලන්ඩන් ශාඛාව විසින් දක්වන ලද අඛණ්ඩ සහාය පිළිබඳව රත්නායක මහතා ස්තුතිය පළ කළේය. විශේෂයෙන් පසුගිය මහ මැතිවරණයේදී පක්ෂ අරමුදල සඳහා දුන් මුල්‍යමය ආධාර පිළිබඳව ද ඔහු පක්ෂයේ කෘතඥතාවය පළ කර ඇත.
පක්ෂ සාමාජිකත්වයේ ස්ථිර වර්ධනයක් දක්නට ලැබීමත් අලුතෙන් එජාප තරුණ ශාඛාවක් ක්‍රියාත්මකවී තිබීමත් පිළිබඳව ද ඇමැති තම සතුට පළකර ඇත.
පසුගියදා ලන්ඩනයට පැමිණි එජාප මහා ලේකම් කබීර් හෂීම් ද බ්‍රිතාන්‍ය ශාඛාවේ වැඩ කටයුතු පිළිබඳව ප්‍රසාදය පළ කළ බව ඔහු කියයි.
2025 දෙසැම්බර් මස 16
73
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
874
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
615
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ලන්ඩන් අලි සාගල හමුවෙයි
අමල් Monday, 19 October 2015 08:00 AM
එහෙ අලි මොකද කියන්නේ. (ර)
යොහාන් Monday, 19 October 2015 12:34 AM
හොඳයි හොඳයි (නි)
ඉසුරු Wednesday, 21 October 2015 08:27 AM
මේ රැස්වීමට 20 ක් වත් හිටියේ නැහැ. සංවිධායකවරු නමට විතරයි. (ම)
පිටිගල මිලානෝ Sunday, 18 October 2015 12:57 PM
ජනක, ඔබ 'කුහකයෝ නැති නිසා සාර්ථක ශාඛාවක්' යන්නෙන් අදහස් කරන්නේ ලංකාවේ හිටපු ඒජාප ලේකම්ගේ සොයුරු ලන්ඩනයේ දිනේෂ් කපුකොටුව මහතා ලන්ඩන් ශාඛාවේ සභාපතිව සිටිද්දී කිසිම වැඩක් කළේ නැහැ කියා ඔබලාටම සුදු හුණු ගාගන්නද? ශාඛාව දෙකඩ වුනාම කොහොමද එක කොටසක් පමණක් ඔබ සිතන පරිදි සාර්ථක වන්නේ? (බ)
ඩෝසන් Tuesday, 20 October 2015 06:06 AM
අනේ මන්දා බන්. මේ හාදයා මාතර දිස්ත්‍රිිික්කෙන් ජන්දෙ ඉල්ලුවේ නම් ගමට සේවයක් කරනවා කියලා. අන්තිමේදී තමුන්ගේ ආසනෙත් පැරදිලා සනත් ජයසූරියට පින්සිද්ද වෙන්න මනාප වලින් අන්තිමයා වෙලා පාර්ලිමේන්තු ගියා. දැන් කැබිනට් අැමතිවරයෙක් වෙලා දිස්ත්‍රික්කයට සේවයක් කරනවා තියා ගමටවත් සේවයක් නොකර පළවෙනි පන්තියේ සුකෝපභෝගී ගුවන් ගමන් වලින් විදේශ රටවල ගිහින් සැප ගන්නවා.(රේ)
තිලකසිරි Tuesday, 20 October 2015 06:05 AM
අපි නම් මේවට මොකුත්ම කියන්න යන්නේ නැහැ (නි)
යෝනක Tuesday, 20 October 2015 06:07 AM
හොඳ පුවතක් (නි)
ටිරෝන් Sunday, 18 October 2015 05:27 PM
මම නම් මේවට මොකුත්ම කියන්නේ නැහැ (නි)
ජනක Sunday, 18 October 2015 07:22 AM
ලන්ඩනයේ එක්සත් ජාතික පක්ෂ මහා බ්‍රිතාන්‍ය ශාඛාව ඉතාමත්ම වැදගත්, උගත් බුද්ධිමත් රටට ආදරය කරන පිරිසක් සිටින කණ්ඩායමක්. රාජ්‍ය බලය නැති කාලෙත් මේ පිරිස බලය තිබුණු පිරිසටත් වඩා විශාල වැඩ කොටසක් කලා. සමාජ සේවයටත් ලැදි පිරිසක් මෙතන සිටිනවා. කුහකයෝ නැති නිසා සාර්ථක ශාඛාවක් පවත්වා ගෙන යනවා. පෙරසේම රටට සේවයක් කිරීමට ශක්තිය ලැබේවා! (බ)
විජිත Sunday, 18 October 2015 08:39 PM
ජයවේවා! (නි)