උතුරු කොරියාව හරහා හමාගිය ලින්ග්ලින් සුළි කුණාටුව හේතුවෙන් පස්දෙනකු මියගොස් ඇත.
කොරියාවේ මධ්‍යම ප්‍රවෘත්ති කාර්යාංශය සඳහන් කරන්නේ දැඩි සුළං හේතුවෙන් වගාබිම් හෙක්ටයාර 46200ක් පමණ විනාශ වී ඇති බවයි.
මේ වනවිටත් දැඩි ආහාර හිඟයකින් පෙළෙන උතුරු කොරියාව මේ තත්ත්වය හේතුවෙන් බරපතල ආහාර අර්බුදයකට මුහුණ දීමට සිදුවනු ඇතැයි සඳහන් වේ. ජනපති කිම්ජොන් උන් මේ සම්බන්ධව හදිසි රැස්වීමක් ද කැඳවා ඇතැයි මාධ්‍ය වාර්තා කර ඇත.
දකුණු කොරියාව වෙතට ද සුළි කුණාටුව ගමන් කරමින් පවතින අතර එහි තිදෙනකු මියගොස් 27දෙනකු තුවාල ලබා ඇත. ගුවන් ගමන් බොහොමයක් අත්හිටවා ඇති බවද වාර්තා වේ.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd