විල්නියස්හිදීය (රොයිටර්)
මගීන් 335 දෙනකු රැගත් ලිතුවේනියානු ධජය සහිත නෞකාවක් බෝල්ටික් මුහුද මැද නැවැතී ඇතැයි ද එහි සිටින මගීන්ට කිසිදු හානියක් නැතැයි ද නෞකාව අයත් සමාගමේ ප්‍රකාශකයෙක් පැවැසීය.
තාක්ෂණික දෝෂයක් නිසා නෞකාව මුහුද මැද නැවැතී ඇති බවත් එහි සිටින කිසිවකුටත් හානියක් නැති බවත් නෞකාව අයත් ඩී.එෆ්.ඩී.එස්. සමාගමේ ප්‍රකාශකයෙක් පැවැසීය. එම සමාගම ඩෙන්මාර්කයට අයත් සමාගමකි.
“දෙදරීමක් තිබෙනවා. දුමක් ද තිබෙනවා. එහෙත් කිසිදු ගින්නක් නැහැ. මගීන්ට කිසිදු හානියක් නැහැ” යැයි එම ප්‍රකාශකයා කීය. කෙසේ නමුත් නෞකාවේ ගින්නක් ඇතැයි ලිතුවේනියානු හමුදා ඊට පෙර වාර්තා කළේය. නෞකාව වරායක් වෙත ඇදගෙන යෑමට සිදුවන බව ද එම ප්‍රකාශකයා කීය.
කෙසේ වෙතත් මගීන්ගේ ආරක්ෂාව තහවුරු කරන කිසිදු නිල ප්‍රකාශයක් කිසිදු පාර්ශ්වයකින් ප්‍රකාශයට පත්ව නොතිබිණි.
මෙම නෞකාව ජර්මනියේ කීල් වරායේ සිට ලිතුවේනියාවේ ක්ලයිපෙඩා වරාය වෙත ගමන් කරමින් තිබියදී නෞකාවේ එලෙස තාක්ෂණික දෝෂයක් හටගෙන ඇත.
නෞකාවේ ගින්නක් ඇති වූ බවත් එය නිවා දැමීමට හැකි බවත් සඳහන් කළ ලිතුවේනියානු ආරක්ෂක අමාත්‍යාංශය නාවික හමුදාව නෞකාව වෙත ළඟා වෙමින් තිබෙන බව ද සඳහන් කළේය.
නෞකාව වෙත හෙලිකොප්ටරයක් යැවූ බවත් අවශ්‍ය වුවහොත් තවත් පියවර ගැනීමට සූදානම් බවත් ලිතුවේනියානු ආරක්ෂක අමාත්‍යාංශය තවදුරටත් සඳහන් කළේය.
055
2025 නොවැම්බර් මස 04
762
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2405
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1760
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ලිතුවේනියානු ධජය සහිත නෞකාවක් බෝල්ටික් මුහුද මැද නවති