තමන් ප‍්‍රතිකාර කරමින් සිටි 19 හැවිරිදි රෝගියෙකු මියගිය පුවත අසා රෝහලින් පිටතට පැමිණ හඬමින් තමන්ගේ දුක තුනී කරගැනීමට උත්සාහ කරන වෛද්‍යවරයෙකුගේ ඡායාරූප කිහිපයක් අන්තර්ජාලයට එක්කෙරී තිබේ.
මෙම ඡායාරූපයන් ඇමරිකාවේ කැලිෆෝර්නියා ප‍්‍රාන්තයේ රෝහලකින් අන්තර්ජාලයට එක්කර තිබෙන බව සඳහන් වන අතර එම ඡායාරූපයන් ගනු ලැබූ පුද්ගලයා මෙම වෛද්‍යවරයා යටතේ ඔහුගේ කණ්ඩායමේ සේවය කරන්නෙකු බව පැවසේ.
වෛද්‍යවරයා ප‍්‍රතිකාර කරමින් සිටි රෝගියා නොසිතූ පරිදි මියගිය විට එය තමන් ඇතුලූ මුලූ කණ්ඩායමටම කම්පනයක්වූ නමුත් එය වැඩියෙන්ම බලපෑවේ ප‍්‍රධාන වෛද්‍යවරයාට බව මෙම ඡායාරූපයන් එක්කර තිබෙන පුද්ගලයා සඳහන් කර තිබේ.
‘එයාට ඒක ලොකු කම්පනයක් වුනා.රෝහලෙන් පිටවෙලා ගිය එයා පස්සෙන් මමත් ගියා.ඔහු රථගාල පැත්තේ වැඩිය පෙනෙන්නේ නැති තැනකට ගිහිල්ලා හඬා වැලපුනා‘ යැයි එම පුද්ගලයා පවසා ඇත.
නොසිතූ පරිදි මෙම ඡායාරූපයන්ට ඉහළ ප‍්‍රසිද්ධියක් හිමිව තිබෙන අතර ඒවාට අදහස් පළ කර තිබෙන බොහෝ දෙනා පවසා ඇත්තේ වරදක්වූ විට චෝදනා කිරීමට මිස වෛද්‍යවරුන්ගේ සේවය අගය කිරීමට දැන් සමාජය කටයුතු කරන්නේ නැති බවයි.
එක් පුද්ගලයෙකු රෝහලේදී තමන්ගේ පියා මියගිය අවස්ථාව ගැන ඔහුගේ අත්දැකීම හුවමාරු කරගෙන තිබුණු අතර පියාට ප‍්‍රතිකාර කළ වෛද්‍යවරු කණ්ඩායම වසර ගණනාවක් යන තෙක්ම තමන් අමතමින් පවුලේ වැඩකටයුතු ආදිය විමසූ බව ඔහු සඳහන් කර තිබුණි.
රෝගියෙකු හදිසියේ මරණයට පත්වූවාය අසා එම රෝගියාට ප‍්‍රතිකාර කළ වෛද්‍යවරයා නොසැළි සිටිනු දැකගත හැකිවුවද ඇතුලින් ඔවුන් විදිනා දුක දන්නේ ඔවුන් පමණක්ම යැයි මෙම ඡායාරූපයන් ගැන අදහස් පළ කර තිබූ තවත් අයෙක් පවසා තිබුණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ දොස්තරලා වැඩියෙන් රැස්කර ගන්නේ පවු, (හේ)
ලංකාවේ ඉන්න දොස්තරලගෙන් වැඩිහරියක් මුදල් පස්සෙම දුවන 'චැනල් කාක්කෝ'නේ! අතරින්පතර හොඳ මිනිස්සුත් නැතුවා නොවේ. ලංකාවේ දොස්තරලගේ අඩුපාඩු ගොඩක් තිබෙනවා, යුරෝපයේ දොස්තරලත් එක්ක සංසන්දනය කර බලනකොට (නි)
මමත් දොස්තර කෙනෙක්. මේකේ තියෙන අදහස් දැක්කම, අපේ මිනිස්සු දොස්තරලා එක්ක කොච්චර වෛරයකින් ඉන්නවද පෙනෙනවා. නමුත් රජයේ රෝහලකට ගියාම රෝගීන්ට කොතරම් හොඳට සළකනවද කියලා හිතලා බලන්න. වැරදි තිබෙන, කතා කරන්න නොදන්නා සමහරක් ඇති. නමුත් අති බහුතරයක් එසේ නොවන බව තමයි මම හිතන්නේ. (නි)
මෙහෙ අයත් අඬන අවස්ථා දෙකක් තිබෙනවා. 1) හැන්දෑවට පුද්ගලික වෙදකමෙන් ලැබෙන ගණන අඩුවීම 2) අනෙක් වාට්ටුවේ විශේෂඥ වෛද්‍යවරයට තමන්ට වැඩිය ලෙඩ්ඩු ඉන්න එක ! ( මේක හැමෝටම අදාළ නැති බව කරුණාවෙන් සළකත්වා ! ) (නි)
මේ අදහස් ඔක්කොම හරි, ලංකාවේ දොස්තරලගේ යථාර්තය මිනිසුන් හොදින් දැනගෙන ඉන්නේ. මුදල් පස්සෙම දුවන, මනුස්සකම දෙවැනි තැනට දමන, රාජකාරි වෙලාවෙවත් රෝහලේ නොසිටින නමුත් දින පොතක් තමන්ම ලියාගෙන මුළු දවස රාජකාරි කල බව බොරු ලියා, නිවාඩු ගත්තත් නිවාඩු ලෙස සදහන් නොකරන, දවස් 365 ම වැඩ කරා කියා දින පොත් ලියන ලංකාවේ වැඩියෙන්ම පඩි ලබන පිරිසකි. නමුත් 5% ක් පමණ හොද දොස්තරවරුද ලංකාවේ සිටිති. (නදී)
මගේ තාත්ත ඩෙංගු හැදිලා රක්තපාත තත්වෙට පත්වෙලා ඉන්දැද්දී, පහේ පන්තියේ ළමයෙකුට උනත් තේරෙනවා ඩෙංගු කියලා. ලේ සාම්පල් එකක් සිංගප්පුරුවේ ටෙස්ට් කරහම කිව්වා 100% ඩෙංගු කියලා. කොහෙද, අවුරුදු හතරෙන් දොස්තර වෙච්ච අය ලෙඩ හොයන්නේ ඉන්ටෙර්නෙට් බලලා. මෙයාල කිව්වා "ඒ ටෙස්ට් ගණන් ගන්න බෑ ඩෙංගු නෙමෙයි" කියලා. අන්තිම මොහොතේ ඉන්දියාවට ගෙනිහින් බේර ගත්තේ. වෙන බොහොම රටවල් වල දොස්තර කෙනෙක් වෙන්න අවුරුදු 8-10 ක් ඉගෙන ගන්න ඕනේ. ඒ රටවල අධ්‍යාපනයේ එක්තරා ප්‍රතිපලයක් තමයි ඔවුන්ගේ මනස වර්ධනය කිරීම. එතකොටයි නිකන් මෝඩ විදිහට පාට් දාන්නේ නැතුව කරුණු කාරණා සලකල බලල වැඩක් කරන්න පුළුවන් වෙන්නේ. (නදී)
අපේ රටේ සෞඛ්‍ය සේවයේ ස්ට්‍රයික් වලදී මැරිච්ච ලෙඩ්ඩු ගණනම ඇති අපේ රටේ සෞඛ්‍ය සේවකයෝන්ට ජීවිත කාලෙම අඩනවා නම්. කැලිෆෝර්නියාවේ එහෙම වුනාට ලංකාවේ ඉන්නේ ගැබිණි මාතාවෝ නිර්වින්දනය කරාටත් පස්සේ හදිසියේ වැඩ වර්ජනේ කරන සෞඛ්‍ය සේවකයෝ. (හේ)
ඇමෙරිකාවෙ එහෙම වුනත් ලංකාවෙ එහෙම වෙන්නෙ නෑ. දොස්තරලා මෙහෙ අඬන්නෙ නෑ. (දිල්)
ගොඩක් අය බැන්නට මෙහේ දොස්තරලා මානුෂික අතින් ඉහලින් ඉන්නවා කියලයි මට හිතෙන්නේ. ගොඩක් වෙලාවට ලෙඩ්ඩුන්ට බනින්නේ ලෙඩාගේම හොඳට. අඬන්නේ නම් නැතුව ඇති. එ්ත් නොකා නොබි අසරණ දරුවන්ව බේර ගන්න වෙහෙසෙන දොස්තරලා ගැන මම පුද්ගලිකව දන්නවා.(නදී)
මෙහෙම දොස්තරලා මෙහෙත් ඉන්නවා . අඬනවා නම් තව කමක්නැහැ. මූහුණ පුම්බගෙන, කන්නේ බොන්නේ නැතුව හැම කෙනාටම දවස් ගණනක් යනතුරු කඩාපනින දොස්තරලා මෙහෙත් ඉන්නවා. (නි)
ලංකාවේ සමහර දොස්තරලා හරියට පුද්ගලික බස් වල කොන්දොස්තරලා වගේ ඉල්ලන්නේම සල්ලි. කොච්චර දුන්නත් ලෙඩේ හොඳ වෙන්නෙත් නැහැ. අපේ කරුමය තමයි. (නි)
මෙහේ දොස්තරලා නෑ. (හේ)