ප්‍රධාන මහාමාර්ග සමීපයේ ජීවත්වන මිනිසුන්ට අධිරුධිර පීඩනය වැළදීමේ හැකියාව ඉහළ බව නවතම පර්යේෂණයකින් සොයාගෙන ඇත.

ඇමරිකානු පර්යේෂකයන් සොයාගෙන ඇත්තේ අධිවේගි මාර්ග හෝ ප්‍රධාන මහා මාර්ග සිට මීටර් 100 ක් ඇතුලත ජීවත් වන ස්ත්‍රීන්ට  අධිරුධිර පීඩන වැළදීමේ අවම වශයෙන් මීටර් 1000 ක් දුරින් ජීවත් වන ස්ත්‍රීන්ට වඩා සියයට 22 කින් ඉහළ බවයි.

මාර්ග වලට ඉතා සමීපයේ ජීවත්වන පුද්ගලයන්ගේ කන්තුවාහිනී රෝග තත්වයන් හමුවන බව මිට කලින් පර්යේෂණ මගින් සොයාගෙන තිබිණි. එය මේ පර්යේෂණයේ ප්‍රතිඵල අනුව වඩාත් හොඳින් තහවුරු වෙයි.

මේ තත්ත්වය ඇතිවීමට හේතුව තවමත් පැහැදිලි නැතත් දත්ත අනුව පෙනීගොස් ඇත්තේ අධිවේගී මාර්ග හා මහා මාර්ග සමීපයේ වාතය දූෂණය වීම, ශබ්දය  අධික වීම හෝ මේ හේතු දෙකම බලපෑමට ඉඩ ඇති බව ද පර්යේෂකයේ පෙන්වාදෙති.