ප්‍රධාන මහාමාර්ග සමීපයේ ජීවත්වන මිනිසුන්ට අධිරුධිර පීඩනය වැළදීමේ හැකියාව ඉහළ බව නවතම පර්යේෂණයකින් සොයාගෙන ඇත.
ඇමරිකානු පර්යේෂකයන් සොයාගෙන ඇත්තේ අධිවේගි මාර්ග හෝ ප්‍රධාන මහා මාර්ග සිට මීටර් 100 ක් ඇතුලත ජීවත් වන ස්ත්‍රීන්ට අධිරුධිර පීඩන වැළදීමේ අවම වශයෙන් මීටර් 1000 ක් දුරින් ජීවත් වන ස්ත්‍රීන්ට වඩා සියයට 22 කින් ඉහළ බවයි.
මාර්ග වලට ඉතා සමීපයේ ජීවත්වන පුද්ගලයන්ගේ කන්තුවාහිනී රෝග තත්වයන් හමුවන බව මිට කලින් පර්යේෂණ මගින් සොයාගෙන තිබිණි. එය මේ පර්යේෂණයේ ප්‍රතිඵල අනුව වඩාත් හොඳින් තහවුරු වෙයි.
මේ තත්ත්වය ඇතිවීමට හේතුව තවමත් පැහැදිලි නැතත් දත්ත අනුව පෙනීගොස් ඇත්තේ අධිවේගී මාර්ග හා මහා මාර්ග සමීපයේ වාතය දූෂණය වීම, ශබ්දය අධික වීම හෝ මේ හේතු දෙකම බලපෑමට ඉඩ ඇති බව ද පර්යේෂකයේ පෙන්වාදෙති.
2025 දෙසැම්බර් මස 18
593
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
291
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1092
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ලෙඩ ගෙන එන මංමාවත්
චමින්ද Monday, 06 October 2014 09:05 AM
හේතුව පැහැදිලි නැත්නම්, කොහොමද මේ කතා විශ්වාස කරන්නේ....? යම් කිසි දෙයක් හරියට ඔප්පු කරන්න බැරි නම්, මෙවැනි දේවල් නොකිය ඉන්න ඕනේ. (ස)
ගාමිණී සිරිවර්දන Monday, 06 October 2014 09:41 AM
අධි වේගී , මහා මාර්ග මොන කතාද ,අපේ රටේ දුම්රිය මාර්ග දෙපස ,පොදු පහසු කම් නැතිව ,සද්ද බද්ද,ඩීසල් දුම කාගෙන ඉන්න කාන්තාවන්ට දෙවියන්ගේ පිහිටෙන් මෙවැනි රෝග නොවැලදේවා ! (නදී)
මුතූ Tuesday, 07 October 2014 07:17 AM
එ්ක නම් ඇත්ත චමින්ද, එහෙනම් අපේ රටේ බහුතරයකට මේ ලෙඩේ ඇති (නදී)
ජෙහාන් Tuesday, 07 October 2014 07:26 AM
මාත් ටක් ගාලා බැලුවා. මොකද මගේ ගේ ලගිනුත් කඩවත අදිවේගේ යනවා. (නදී)