අයිස්ලන්තයේ දකුණු පළාතේ වික් නම්වූ කුඩා නගරයක පදිංචිව සිටි ශ්‍රී ලාංකික යුවළක් තම නිවසේ තවත් ශ්‍රී ලාංකික කාන්තාවන් දෙදෙනෙකු " වහල් සේවයේ" යොදවා අසුවූ බව පෙබරවාරි 19 වැනි දා "අයිස්ලන්ඩ් මොනිටර්" පුවත්පත් වාර්තා කරයි.
අයිස්ලන්ත පොලිසිය වෙත ලැබුණ ඔත්තුවකට අනුව සිදු කළ වැටලීමකදී මේ බව සොයාගත් බවද එම වාර්තාවෙහි දැක්වෙයි.
කාන්තාවන් දෙදෙනා වහලුන් ලෙස තබාගත් අඹුසැමි ජෝඩුව අත්අඩංගුවට ගෙන ඇති අතර අගතියට පත් කාන්තාවන් දෙදෙනාට අවශ්‍ය රැකවරණය ද ලබාදී ඇත.
අත්අඩංගුවට පත් පිරිමියා වික් නගරයේ ඇති සීත කාලයේ භාවිතා කරන ඇඳුම් මහන ස්ථානයක අතුරු කොන්ත්‍රාත්කරුවකු ලෙස කටයුතු කර ඇත. එම කම්හල සිකුරාදා සිටම ඔහුගේ කොන්තරාත්තුව අවලංගු කළ බවද වාර්තාවෙහි දැක්වෙයි.
අගතියට පත් කාන්තාවන් දෙදෙනා ශ්‍රී ලංකාවේ සිට නීති විරෝධී අන්දමට අයිස්ලන්තයට ගෙන්වාගෙන ඇති බවත් නිවසේ සිටි කාලයේ ඔවුන් එහි බිම් මහලයේ රඳවා තබා ගෙන සිටි බවත් පොලිසිය පවසා තිබිණි.
![SLAVE_2[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/02/SLAVE_21.jpg)
![SLAVE_3[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/02/SLAVE_31.jpg)
![SLAVE1[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/02/SLAVE11.jpg)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉසුරු සොයා රට යන බහුතරය ඔහොම තමා. දුක සහ කම්කටොලු මැද තමා කීයක්හරි සොයන්නේ (නි)
ලස්සනය් යන්න හිතෙනවා අය්ස්ලන්තේ බලන්න (ම)
ලස්සන රටක්, යන්න තියෙනවනම් මරු, පව් වැඩේ වුණ දේට (ම)