එංගලන්තයේ ලැංකෂයර් ප්‍රාන්තයේ ක්ලිත්රෝ හි පැවැති ලීග් ක්‍රිකට් තරගයකදී වාර්තා පොත් අලුත් කරමින් පන්දුවාරයකදී හයේ පහර හයක් එල්ල කිරීමට ශ්‍රී ලාංකිකයකු වන ජනක ගුණරත්න සමත් විය.
ඔහු එම තරගය ක්‍රීඩා කළේ ලැංකෂයර් කුසලානය වෙනුවෙන් ක්ලිත්රෝ කණ්ඩායමටය. ප්‍රතිවාදී කණ්ඩායමේ ජෝර්ඩ්න් බ්‍රිට්ක්ලිෆ්ගේ පන්දුවක් හමුවේ තමා මුහුණ දුන් දෙවැනි පන්දුවෙන්ම පන්දුව කෙලින්ම කඩුල්ලේ වැදී දැවී ගියද ඔහු යැවූ පන්දුව නිපන්දුවක් වීම හේතුවෙන් ඔහුට පිටියේ රැඳී සිටීමේ වාසනාව උදාවිය.
එම තරගයේදී නොදැවී ලකුණු 79 ක් ලැබූ ජනක ගුණරත්න ක්ලිත්රෝ ඉනිමේ අවසන් පන්දුවාරය යැවූ ඉයන් බ්‍රිට්ක්ලිෆ්ගේ පන්දුවාරයට හයේ පහර හයක් එල්ල කිරීමට සමත්විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොරටුව වේල්ස් කුමාර විදුහලේ තවත් ආදී සිසුවෙක්. ඔබට ජය ! (නදී)
මෙයට ලංකාවේ කණ්ඩායමට තේරන්න බැරි වුණාද? (ම)
අපේ කොල්ලෙක් අමතක වේද ශ්‍රී ලංකාව මවට (නදී)
සම්පත්, ඔයාගේ ඔය ලෙඩේට කියන්නේ කුහකකම කියලා. වෙන කෙනෙකුගේ දියුණුවක් විශේෂයෙන් තමන්ට ලබාගන්න බැරි දෙයක් වෙන රටක ගිහින් හරි ගත්තහම ඊර්ෂ්‍යාවේ පැලෙන්න හදනවා. ඊටපස්සේ ඒක පිටකරන්නේ බොරු ජාතික ආල, ජාතියේ යුතුකම් ඉස්සරහට දාගෙන. ඔයා වගේ මිනිස්සු නිසා තමයි රට යන ගොඩක් මිනිස්සු ආපහු එන්න මැළිවෙන්නේ. ඔයාටත් යන්න අවස්ථාවක් ආවා නම් අපිටත් බලාගන්න තිබුණා මහා ලොකු ජාති හිතෛශියාගේ වැඩ. මතක තියාගන්න ලංකාවෙන් ගිය මිනිස්සු ලොකුම ලොකු දෙයක් කරන්නේ රටට විදේශ විනිමය හොයලා. තව ඒ මිනිස්සු බැනුම් අහන්නත් ඕනෑ ඔයා වගේ නිදහස් අධ්‍යාපනය අරන් රටට කිසි වැඩක් නොකර අනුන්ට දොසක් කිය කියා ඉන්න මිනුස්සු නඩත්තු කරලත්. (නි)
අන්න අද දනන්ජය සිල්වා 0 , කවුෂාල් සිල්වා 0, උපුල් තරංග 0 , කුසල් ජනිත් 0 , තිරිමාන්න 5, දැවී ගිහින්. කරුණාකර තේරීම් කමිටුව ජනක ගුණරත්න සහ ලංකාවේ තව සැගවුන දක්ෂතා ගැනත් සලකල බලන්න. නැත්නම් ඉන්දියාව සමග තරඟාවලියත් පැරදී බංගලාදේශයෙනුත් හොඳට කන දිනය වැඩි ඈතක නොවේ (නදී)
අපේ රටට ආඩම්බරයක් (නදී)
බොරු කියන්නේ මොකටද මටනම් තුන් ඉරියව්වම බැහැ.(ම)
සුබ පතනවා! (නි)
පන්දු යවන්නා සහ පන්දු රකින්නන් දුර්වල නම් පන්දුවට පහර දෙන්නා ප්‍රබල විය හැක.මෙතෙන්දි මෙහෙම ගැහුවට දක්‍ෂ කණ්ඩායම් සමඟ අමාරු වෙන්නත් පුලුවන්. (නි)
නුඹ රටට ආඩම්බරයක් පුතේ (නි)
සම්පත්ගේ කියමනේ තේරුම මට නොවැටහේ. නිදහස් අධ්‍යාපනය ,සෞඛ්‍ය පහසුකම් ශ්‍රී ලාංකික පුරවැසියකුගේ අයිතියක්.නමුත් අපේ ක්‍රිකට් පාලක මණ්ඩලය මොහුව තෝරාගෙන නැහැ. මොහු ශ්‍රී ලංකාවේ ජාතික කණ්ඩායමට තරඟ කරන්න බැහැ කියලත් නැහැ.සමහරවිට ලංකාවෙන් මොහුට කතාකළොත් මොහු ලංකා කණ්ඩායමට ක්‍රීඩා කරාවි. (නි)
සම්පත් මේ සැරේ ඡන්දය දෙන්නේ බදු මුදල් සූරන් කන්නේ නැති කෙනකුටද? බොක්කේ දඩමස් නෑ නේද ? (බ)
නමුත් ලංකාවේ දුප්පත් ජනතාවගේ බදු මුදලින් නොමිලේ අධ්‍යාපනය, සෞඛ්‍ය පහසුකම් භුක්ති විඳපු එක සමහරුන්ට මතක නැහැ. ඒක ගැන දුකයි. (නි)
ජනක එම තරඟයේදි පන්දු යවමින් කඩුලු 8ක් දවාගෙන තිබෙනවා. http://clitheroe.play-cricket.com/website/results/2377037 (නි)
සුබ පැතුම්! (නි)
සම්පත් මේ රටේ කෙනෙක් නෙමෙයිද? (නි)
පහන් එකම ඉරියව්ව ....නිතරම හොඳ නෑ....තව ඉරියව් කීපයක් වත් පුරුදු පුහුණු වෙන්නම වෙනවා මේ ලෝකේ යන හැටියට.....හැම දීම මල්ටි සිස්ටම් නේ .....(නදී)
නියමයි (නදී)
ලංකාවේ හිටියා නම්...? (නි)
ජයවේව කොල්ලෝ. ලංකාවේ හිටියානම් නම අහන්නත් හම්බ වෙන්නේ නෑ (බ)