අම්පාර පල්ලකාඩු ප්‍රදේශයේ ප්ලාස්ටික් ආහාරයට ගෙන අලි මියයෑම හොලිවුඩ් සුපිරි නළු ලියනාඩෝ ඩිකැප්‍රියෝගේ කනස්සල්ලට හේතුවක් වී තිබේ.
පරිසර ක්‍රියාකරුවකු ලෙස ද ප්‍රකට සුපිරි නළු ලියනාඩෝ ඩිකැප්‍රියෝගේ ලංකාවේ අලි ප්ලාස්ටික් ආහාරයට ගෙන මියයෑම සම්බන්ධයෙන් කනස්සල්ල පළ කරමින් ට්විටර් පණිවුඩයක් නිකුත් කර තිබේ.
ලෝකයේ අවධානය ඊට යොමු විය යුතු යැයි ඩිකැප්‍රියෝ පෙන්වා දෙයි.
පසුගිය වසර අටක කාලයේ අම්පාර පල්ලකාඩු ප්‍රදේශයේ විවෘත භූමියක දමා ඇති ප්ලාස්ටික් කසල ආහාරයට ගෙන අලි 20 දෙනෙකු පමණ මියගොස් ඇත.
ශ්‍රී ලංකාව අලි පිලිබඳ විශේෂ සැලකිල්ලක් දැක්වුවත් අලි වඳ වීමේ තර්ජනයකට මුහුණ පා සිටින බව පශු වෛද්‍යවරු අනතුරු අගවති. අලි ගහනය පිළිබඳ කළ සමීක්ෂණයකින් හෙළි වී ඇත්තේ 19 වන ශතවර්ශයේ 14000 ක් ලෙස සිටි අලි ගහණය 2011 වන විට 6000 ක් දක්වා අඩු වී ඇති බවය.
විමුක්ති එස්. රුද්‍රිගු
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
ලංකාවේ අලි ගැන ඩිකැප්‍රියෝ කනස්සල්ලෙන්
fairoos Thursday, 27 January 2022 02:04 PM
අපේ සම්පත් අපිට වටින්නේ නැහැ.