අම්පාර පල්ලකාඩු ප්‍රදේශයේ ප්ලාස්ටික් ආහාරයට ගෙන අලි මියයෑම හොලිවුඩ් සුපිරි නළු ලියනාඩෝ ඩිකැප්‍රියෝගේ කනස්සල්ලට හේතුවක් වී තිබේ.

පරිසර ක්‍රියාකරුවකු ලෙස ද ප්‍රකට සුපිරි නළු ලියනාඩෝ ඩිකැප්‍රියෝගේ ලංකා​වේ අලි ප්ලාස්ටික් ආහාරයට ගෙන මියයෑම සම්බන්ධයෙන් කනස්සල්ල පළ කරමින් ට්විටර් පණිවුඩයක් නිකුත් කර තිබේ.

ලෝකයේ අවධානය ඊට යොමු විය යුතු යැයි ඩිකැප්‍රියෝ පෙන්වා දෙයි.

පසුගිය වසර අටක කාලයේ අම්පාර පල්ලකාඩු ප්‍රදේශයේ විවෘත භූමියක දමා ඇති ප්ලාස්ටික් කසල ආහාරයට ගෙන අලි 20 දෙනෙකු පමණ මියගොස් ඇත.

ශ්‍රී ලංකාව අලි පිලිබඳ විශේෂ සැලකිල්ලක් දැක්වුවත් අලි වඳ වීමේ තර්ජනයකට මුහුණ පා සිටින බව පශු වෛද්‍යවරු අනතුරු අගවති. අලි ගහනය පිළිබඳ කළ සමීක්ෂණයකින් හෙළි වී ඇත්තේ 19 වන ශතවර්ශයේ 14000 ක් ලෙස සිටි අලි ගහණය 2011 වන විට 6000 ක් දක්වා අඩු වී ඇති බවය.

විමුක්ති එස්. රුද්‍රිගු