IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


ලෝකයට එන්නත් බිලියනයක් දෙනවා

ගෝලීය වසංගතයක් නිර්මාණය කළ 'කොවිඩ් 19' හෙවත් නව කොරෝනා වයිරසයට එරෙහිව නිපදවා ඇති ප්‍රතිශක්තිකරණ එන්නත් මාත්‍රා බිලියනයක ප්‍රමාණයක් මෙම වසරේත්, ලබන 2022 වසරේත් ලොව එන්නත් අවශ්‍යතාව ඇති සියලු රටවලට බෙදා දීමට 'ජී7' නායකයන් එකඟත්වය පළ කර ඇත.

ලොව ප්‍රබලතම ආර්ථිකයන්ට හිමිකම් කියන රටවල එකමුතුව 'ජී7' ලෙස හැඳින්වෙයි. 'ජී7' සමුළුව අද (11) මහා බ්‍රිතාන්‍යයේ කෝන්වොල් ප්‍රාන්තයේ ආරම්භ විය. මහා බ්‍රිතාන්‍යය, කැනඩාය, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, ජපානය සහ ඇමෙරිකාව 'ජී7' සමුළුවට අයත් ය.

ජෝ බයිඩන්, ඇමෙරිකා ජනාධිපති ලෙස සිය පළමු විදෙස් සංචාරය ආරම්භ කරමින් මහා බ්‍රිතාන්‍ය බල ගොස් ඇත්තේ මෙම සමුළුවට සහභාගී වීමටය. ඇමෙරිකා ජනාධිපති සමුළුවට සහභාගී වුවත් සෙසු රටවල නායකයන් සමුළුවට සහභාගී වූයේ සූම් තාක්ෂණය ඔස්සේය.

ඇමෙරිකා ජනාධිපතිවරයා බ්‍රිතාන්‍යයට පැමිණෙද්දී කියා සිටියේ ඇමෙරිකාව දිළිඳු සහ අඩු ආදායම්ලාභී රටවල් 92 කට 'ෆයිසර්' එන්නත් මාත්‍රා මිලියන 500 ක් ප්‍රධානය කිරීමට සූදානම් බවය. මේ වනවිට ප්‍රංශය සහ ජපානය ද ලෝක සෞඛ්‍ය සංවිධානය හරහා එන්නත් අවශ්‍යඨ රටවලට එන්නත් ලබා දීම සිදු කරමින් පවතී.

(රොයිටර්)



අදහස් (1)

ලෝකයට එන්නත් බිලියනයක් දෙනවා

Sri Lanka Friday, 11 June 2021 11:05 PM

නිකන්ද? බඩුත් හාමුදුරුවන්ගේ... නඩුත් හාමුදුරුවන්ගේ...!!!

:       1       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 694 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2364 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1734 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site