IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


ලෝකයේ ලස්සනම මාවතෙන් තනතුර මාරුවන ප්‍රංශ ජනපති

වසර 5ක සේවා කාලය අවසන් කොට පස් වසරකට පත්වූ නව ජනපති නීත්‍යනූකූලව දිව්රුම් දෙන ප‍්‍රංශයේ සම්ප‍්‍රදායානුකූල බලය හුවමාරු කිරීමේ උත්සවය මැයි 14 වැනි ඉරු දින උදේ 10 ට ප‍්‍රංශ ජනාධිපති මැදුරේදි (එලිෂේ පැලස්) උත්කර්ෂවත් ලෙස පැවැත් වූයේය. මෙම සම්ප‍්‍රදානුකූල නිල උත්සවයට අනුකූලව නව ජනාධිපති තම නිල වාහනයෙන් ජනපති නිල මැදුරේ මැද මිදුලට පැමිණෙයි. මැද මිදුල වටා රාජ්‍ය ආරක්ෂකයෝ හා එම තූර්ය වාදක කණ්ඩායම් සීරුවෙන් පෙළ ගැසී සිටීති.

නිල රියෙන් බසින නව ජනපති එතැන් සිට මීටර් 60ක් පමණ දිග රතු පලස මතින් ජනාධිපති මැදුරේ ප‍්‍රධාන දොරටුව දක්වා පැමිණෙයි. එතැනදී හිටපු ජනාධිපතිතුමන් විසින් නව ජනාධිපති පිළිගෙන ජනාධිපති මැදුරට ඇතුළු වී ජනාධිපති නිල කාර්යාලයේ අසුන් ගනී. ඔවුන් දෙදෙනා පමණක් එම නිල කාමරයේ උපරිමය විනාඩි 20 ක් පමණ සාකච්ඡාවේ යෙදෙති.

එනමුදු මෙවර පැයකට ආසන්න කාලයක් සාකච්ඡාවේ යෙදුනේය. ඉන් අනතුරුව ප‍්‍රංශයේ න්‍යෂ්ටික බල කේන්ද්‍රයේ රහස් අංකය හිටපු ජනාධිපති විසින් නව ජනාධිපති අතට පත් කරන්නේය. ඉන් පසු ජනාධිපති නිල මැදුරේ පිහිටා ඇති න්‍යෂ්ටික ප‍්‍රහාරයන්ට ඔරොත්තු දෙන ලෙස සාදා ඇති භූගත බංකරයේ (ජුපිටර්) පිහිටා ඇති අණදෙන රහස් කුටියට ඇතුළු වේ.

එහිදී න්‍යෂ්ඨික කි‍්‍රයාකාරිත්වය සිදුවන ක‍්‍රමවේදය හිටපු ජනාධිපති විසින් නව ජනාධිපති තුමාට විස්තර කර දීමෙන් පසු හිටපු ජනාධිපති නව ජනාධිපති තුමාගෙන් අවසන් වරට සමුගන්නා ඔහු තම නිල කාලය අවසන් කොට ජනාධිපති නිල නිවසට ආයුබෝවන් කියා නික්ම යන්නේය. ඉන් පසු අමුත්තන් රැස්වී සිටින පිලිගැනීමේ ශාලාවට පැමිණෙන නව ජනාධිපති තුමාගේ දිව්රුම් දීමේ උත්සවය අගවිනිසුරු ප‍්‍රධානත්වයෙන් පැවැත්වේ.

ඉන් පසු අගවිනිසුරු විසින් ප‍්‍රධාන පුරවැසියාට හිමි විශේෂිත මාලයක් ජනාධිපති තුමාට පළඳවනු ලබයි. එම මාලය නිම කොට ඇති රනින් නිමවූ හරි හතැරැස් කොටුවල පෙර ජනාධිපතිවරුන්ගේ නම සටහන් කර ඇත. ඉන්පසු ජනාධිපති තුමාගේ ප‍්‍රථම දේශණයත් අමුත්තන් පිළිගැනීමත් සිදුවේ. ඉන්පසු ජනාධිපති මැදුරේ උද්‍යානයේ සිට කාලතුවක්කු හමුදා ආචාර වෙඩිමුර පිළිගැනීම සිදුවේ. අනතුරුව ජනාධිපති මැදුරෙන් පිටවෙන ඔහු ලෝකයේ ලස්සනම මාවත ලෙස හදුන්වන ඇවනිව් සොම් ෂෙලිසේ මාවත දිගේ පැමිණ ඩිගෝල් චතුරශ‍්‍රයේ පිහිටි නොහදුනන සොල්දාදුවන්ගේ ස්මාරකයට ගෞරව ආචාර සිදුකොට  පැරිස් නගර සභාවේ පිළීගැනීමේ උත්සවයකට සහභාගි වීමෙන් පසු එදින රාජ්‍ය කටයුතු අවසන් වේ.

ඉහත සඳහන් කලේ ප‍්‍රංශයේ වසර 5කට වරක් සිදුවන බල හුවමාරුවේ ඓතිහාසික සම්ප‍්‍රදානුකූල ක‍්‍රමවේදයයි. නව ජනාධිපති තුමාගේ සේවා කාලය ඇරඹෙන්නේ ඉන් පසුවය. ඒ අනුව ජනාධිපති තුමාගේ ප‍්‍රථම නිල රාජකාරිය, ප‍්‍රථම රාජ්‍ය උත්සවය හා ප‍්‍රථම රාජ්‍ය නිල මුණගැසීම ලෙස ප‍්‍රධාන අවස්ථා තුනක් සැලසුම් කර ඇති අතර ප‍්‍රථම නිල රාජකාරිය ලෙස ඔහුගේ මැතිවරණ පොරොන්දුවකට අදාළව පාර්ලිමේන්තුවේ දැනට සිටින 577ක් වූ මන්ත‍්‍රී සංඛයාව 300ක් පමණ දක්වා අඩු කිරීම, මන්ත‍්‍රී ධූර කාලය දෙවරකට පමණක් සීමා කිරීම, තමා යටතේ සේවය සඳහා තම පවුලේ සාමාජිකයන් 5 දෙනෙකු බඳවා ගැනීමට මන්ත‍්‍රී කෙනෙකුට තිබූ අයිතිය අහෝසි කිරීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන යෝජනා වලියට අත්සන් තැබීම සිදු කරන  බව ජනාධිපති නිල ප‍්‍රකාශක පැවැසීය.

මේ අනුව ඉදිරි පස් වසරින් පසු පාර්ලිමේන්තුවේ මන්ත‍්‍රී ධූර ප‍්‍රමාණය අඩු වෙන අතර දෙවරකට වඩා මන්ත‍්‍රී නියෝජනය අහෝසි වනු ඇත. ඥාති හිත මිතුරන් හා පවුලේ සමාජිකයන් තමා යටතේ සේවයට බඳවා ගැනීම සපුරා තහනම් වෙනු ඇත.

2024 ඔලිම්පික් සඳහා මේ දිනවල පැරීසියේ නිරීක්ෂණ චාරිකාවක යෙදෙන ජාත්‍යයන්තර ඔලිම්පික් කමිටුව මුණගැසීම ප‍්‍රථම රාජ්‍ය උත්සවය වන අතර සවස ජර්මනියේ චාන්සලවරිය ඇන්ජෙලා මෙර්කෙල් මහත්මිය බර්ලින් නුවරදී මුණගැසීම ප‍්‍රථම රාජ්‍ය නිල හමුවීම වන්නේය.

ජනාධිපති මන්දිරයෙන් නික්ම යන හිටපු ජනාධිපති ප‍්‍රංශුවා ඔලොන්ද් මහතා සමාජවාදී පක්ෂයේ ප‍්‍රධාන කාර්යාලයට ගොස් මන්ත‍්‍රීවරුන් හා ඉහළ සමාජිකයන් අමතා ඔවුන්ට ස්තුති කිරීමෙන් පසු ඔහු පක්ෂ දේශපාලනයෙන් සමු ගත්තේය. හිටපු ජනාධිපතිවරුන්ට හිමි සියලූ වරප‍්‍රසාදයන් ප‍්‍රංශුවා ඔලොන්ද් මහතාට ද හිමිය. ඒ අනුව නිල නිවසක්, නිල කාර්යාලයක්, නිවසේ හා කාර්යාලයේ සේවය සඳහා සේවකයන් අට දෙනෙක්ද, නිල වාහනයක්, රියදුරෙක්, ආරක්ෂකයෝ දෙදෙනෙක් ලැබෙන්නේය. ශ්‍රීලංකාවේ මෙන් ආරක්ෂකයෝ සිය ගණනක් හිටපු හෝ වර්තමාන ජනාධිපතිටවත් ලැබෙන්නේ නැත.

හිටපු ජනාධිපතිවරුන්ට හිමි තනතුරක් වන ප‍්‍රංශ ව්‍යවස්ථාදායක මණ්ඩලය නියෝජනය කිරීමට ඔලොන්ද් මහතාටද අවස්ථාව ලැබෙන්නේය. අවසානයේ හිටපු ජනපති නිල කාලය අවසන් කොට නික්ම යද්දී ඔහුගේ උපදේශකයෙක් වූ මැක්රොන් මහතා ජනාධිපති ලෙස දිව්රුම් දුන්නේය. මේවන විට ප‍්‍රංශයේ පමණක් නොව ලෝකයේම ලාබාලතම ජනාධිපති එම්මානුවෙල් මැක්රොන් මහතාය.එය ඉතිහාසයක් වෙනස් කළ ප‍්‍රංශ ඉතිහාසයේ රන් අකුරින් ලියැවී හමාරය.

(සුනිල් ආනන්ද පැරීසියේ සිට)



අදහස් (2)

ලෝකයේ ලස්සනම මාවතෙන් තනතුර මාරුවන ප්‍රංශ ජනපති

sopi Tuesday, 16 May 2017 06:22 AM

ලෝකයේ ලස්සනම මාවත ගැන තව සවිස්තරාත්මකව දැනගන්න අපි කැමතියි ..

:       4       43

ජෝති Saturday, 20 May 2017 04:13 PM

එපමණක් නොව හොඳින් සකස් කළ.... නිතරම මෙන්ම විෂයයට අදාළ විස්තරාත්මක ලිපි පලකරන සුනිල් ආනන්ද මහතාට විශේෂයෙන්ම ස්තූති කරමී.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 673 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2337 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1725 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site