එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ කටාර් තානාපති කාර්යාලයේ හා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල මූලස්ථානයේ සේවය නියුතු හා ශ්‍රී ලංකාවට කීර්තියක් ගෙනෙමින් ඇමරිකාවේ නිව්යෝක් නුවර සමාජ මෙහෙවරෙහි නියුතුව සිටි නෙල්සන් පෙරේරා (72) මහතා අභාවප්‍රාප්ත විය.

ඇමරිකාවේ නිව්යෝක් නුවර කුයින්ස්හි පදිංචිව සිටි ඒ මහතාගේ දේහය අගෝස්තු 15 සෙනසුරාදා ඇමරිකාවේ නිව්යෝක්හි කුයින්ස් මාස්පෙත් නගරයේදී මිහිදන් කිරීමට නියමිතය.