IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


ලෝකයේ තත්ත්වය අවදානම්

සීත යුද සමයේ අවදානම් සහගත සහ තර්ජනාත්මක වාතාවරණයට සමාන තත්ත්වයක් අද ලෝකයේ ක‍්‍රමයෙන් ඇතිවෙමින් තිබෙන බව බි‍්‍රතාන්‍යය එම්එයි 6 බුද්ධි අංශයේ හිටපු ප‍්‍රධානියකු වන ශී‍්‍රමත් ජොන් සෝවර්ස් පවසයි.

නමුත් එදා මෙන් අද එවන් තත්ත්වයකට මුහුණදීමේ සමත් මූලෝපායික සැළැස්මක් බටහිර සතුව නොමැති බව පවසන ඔහු, කාලයක් මුළුල්ලේ නැගෙමින් ආ රුසියාවේ සහ චීනයේ හමුදා බලය සම්බන්ධයෙන් බටහිර වැඩි අවධානයක් යොමු නොකිරීම, තත්ත්වය තවත් බරපතල කර ඇති බව කියයි.

''මොස්කව් සහ වොෂින්ටනය අතර එදා පැවතුනා මෙන් මූලෝපායික වශයෙන් වැදගත් සම්බන්ධතාවයක් අද දකින්නට නැහැ.ලෝකයේ බලය බෙදීම අද වෙනස්.රුසියාව හමුදා බලය අතින් පොහොසත්.ඒ වගේම එම බලය භාවිතා කරන්නත් ඔවුන් පසුබට නැහැ.'' සෝවර්ස් පවසයි.

අයිඑස් බලකොටුවක් ලෙස සැළකෙන සිරියාවේ ඇලෙප්පෝ නගරයට මේ දිනවල දැඩි ප‍්‍රහාර එල්ල කෙරෙමින් පවතින අතර, ගුවන් ප‍්‍රහාර වල වැඩි වගකීම භාරගෙන සිටින්නේ රුසියාවය.මෙසේ එල්ල වෙමින් පවතින ප‍්‍රහාර වලින් ගෙවුනු අගහරුවාදා දිනයේ පමණක් මියගොස් ඇති සිවිල් වැසියන් සංඛ්‍යාව 34 ක් බව දැනගන්නට ඇත.

ඉවක් බවක් නොමැතිව එල්ල වන මෙම ගුවන් ප‍්‍රහාරයන් හෙළා දකිමින් අදහස් පළකර ඇති සෝවර්ස් ඒ අතරම බටහිරටද චෝදනා කරයි.

''අපි රුසියාවට සියලූ කටයුතු භාරදීලා ඉවත් වුනා.ඒක අපි කරපු බරපතල වරදක්.රසායනික අවි භාවිතා වන බවට සාක්කි තියෙද්දී බි‍්‍රතාන්‍යය පාර්ලිමෙන්තුව තීරණය කළේ සිිරියාවෙන් ඉවත් වෙන්න.ඇමරිකාව තීරණය කළේ ඒ වෙනකන් එල්ල කරමින් තිබුනු ගුවන් ප‍්‍රහාර නවත්වන්න''. ඔහු පවසයි.

''අපි තවමත් රුසියාව සහ චීනය කියන්නේ විශාල හානියක් සිදු කිරීමේ සමත් හමුදා බලයක් තිබෙන රටවල් බවට පිළිගෙන නැහැ.මේ තත්ත්වය යටතේ ඔවුන් එක්ක මුහුණට මුහුණ ගැටෙන්නට අද අපිට හැකියාවක් නැහැ.'' සෝවර්ස් කියයි.



අදහස් (0)

ලෝකයේ තත්ත්වය අවදානම්

පුෂ්ප Monday, 17 October 2016 08:38 PM

නිමල් - නිව්යෝර්ක් පව්! ලොකුවට ඉන්න තැනත් දාගෙන. එ්කෙන්ම ඉතින් මානසිකත්වය හිතාගන්න පුළුවන්. (නි)

:       0       0

අරුන් Monday, 17 October 2016 08:45 AM

ඇමෙරිකාව, ලෝකේ තෙල් සම්පත් ඇති රටවල් දරුණු ආකාරයෙන් පාලනය කරනවා.මැද පෙරදිග තෙල් නැතුව පොල් විතරක් තිබ්බා නම් මේ ප්‍රශ්න මොකුත් නැහැ.(අ)

:       0       0

නිමල් ලංකා Monday, 17 October 2016 09:06 AM

නිමල් නිව්යෝර්ක්, කවදාද රුසියාව සිරියාවෙන් තෙල් ගත්තේ? රුසියාව කියන්නේ තෙල් අපනයනය කරන රටක්. ඊට අමතරව ගෑස් නල තියෙනවා යුරෝපෙට යවන. (නි)

:       0       0

දිලිප් වික්‍රමරත්න Sunday, 16 October 2016 09:36 PM

නිමල්, ඇමරිකාවේ ජීවත්වෙන්න. හැබැයි ලෝකය පුළුල් විදියට දකින්න. පහුගිය දශකය පුරාම බටහිර රටවල් ඔබේ ඇමරිකාවත් එක්ක එකතුවෙලා එ්කාධිපතියෝ කියලා හංවඩු ගහපු කී දෙනෙක් බලයෙන් පහකළාද .දැන් ඒ රටවල් වල මිනිස්සු බොහොම සන්තෝෂයෙන් බව ඉරාකය ලිබියාව දිහා බැලුවහම පේනවා (නි)

:       0       0

ජයාත් Saturday, 15 October 2016 01:11 AM

මේ කතාව ඇතුළේ තියෙන්නේ රුසියාවටයි චීනේටයි තියන බය නොවේද? (නි)

:       0       0

චන්න Monday, 17 October 2016 12:25 AM

අනේ! නිකන් මෝඩකම ප්‍රදර්ශනය කරන්න එපා නිමල්. එතකොට ඇමෙරිකාව අයිඑස්ලට හොරෙන් අවි දෙන්නේ මොකටද. ගුවනින් බෝම්බ දානවා කියලා අයිඑස්ලට නොදා සිරියාවට පක්ෂ කණ්ඩායම් ඉන්න තැන්වලටයි බෝම්බ දාන්නේ. රුසියාව චිනේ නැත්නම් මෙලහකටත් මුළු ලෝකෙම මිනිස්සු මිලියන ගණන් මරලා තමුන්ගේ රට හදාගන්නවා. ඉරාකෙදිත් කළේ එ්කයි. ලිබියාවේදී කළෙත් ඒකයි. (නි)

:       0       0

නිමල් - නිව් යෝර්ක් Saturday, 15 October 2016 04:16 AM

රුසියාව කියන්නේ බටහිර බොහෝ රටවලට වඩා දුර්වල ආර්ථිකයක් සහිත ඒකාධිපති රටක්.. ඔවුන්ට උවමනායි සිරියාවේ එකාධිපති අසාද්ව බලයේ තබාගෙන සිරියාවේ ඇති තම නාවික කදවුර රැක ගැනීමට හා සිරියානු තෙල් ලබා ගැනීමට. කොහොමත් නේටෝ සංවිධානය හා කෙලින්ම ගැටුමකට යන්න රුසියාවට බෑ. (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 636 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2317 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1719 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site