IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


ලෝකයේ කුඩාම හමුදාව වතිකානුවේ

ලක්ෂ ගණනින් හමුදාවන් ඇති රටවල් පිරි ලෝකයේ භටයන් 110 කින් සමන්විත කුඩාම හමුදාවක් ඇත්තේ පාප් වහන්සේ ජීවත් වන වතිකානු රාජ්‍යයේය. වර්ෂ 1506 දී එවකට සිටි දෙවන ජුලියස් පාප් වහන්සේ විසින් ශුද්ධවූ වතිකානුව ආරක්ෂා කර ගැනීමට භටයන් 200 කින් සමන්විත හමුදාවක් පිහිට වුයේය. එකල දක්ෂතම භටයන් ලෙස පිලිගත්තේ ස්විට්සර්ලන්ත ජාතික හමුදා භටයන් බැවින්; එම හමුදා භටයන් 200 කින් සමන්විත හමුදාවක් වතිකානුවේ ආරක්ෂාවට යොදා ගත්තේය. 

වර්ෂ 1527 දී යුරෝපයේ විශාල ප‍්‍රමාණයක් පාලනය කල ආක‍්‍රමණශීලී චාර්ල්ස් කෑන් අධිරාජ්‍යාගෙන් වතිකානුවට ඇති විය හැකි අභියෝගයන් සලකා ඉහත හමුදාාව ආරම්භ කිරීමට හේතු වූයේය. කෙසේ නමුදු අද වනවිට එය භටයන් 110ක් දක්වා අඩුකර ඇත. වතිකානු රාජ්‍ය හා පාප් වහන්සේගේ ආරක්ෂාව සැලසීම ඔවුන්ගේ ප‍්‍රධාන රාජකාරියවේ. අදටත් එහි සේවය සඳහා බඳවා ගන්නේ ස්විස් ජාතිකයෝ පමණය. ඔවුන්ගේ නිල ඇඳුම සාමාන්‍ය හමුදා නිල ඇඳුමකට වෙනස් අලංකාර විසිතුරු වස්ත‍්‍රයකට සමානය. එයද විශේෂවේ.

දකුණු දිග ප‍්‍රංශයේ පිහිටා ඇති ඇල්බට් කුමාරයා පාලනය කරන වර්ග හෙක්ටාර් 202 වීශාලැති 38,000 ක ජනගහනයක් ඇති මොනාකෝ නොහොත් මොන්ටිකාලෝ රාජ්‍යයේ හමුදාව භටයන් 113 කින් සමන්විතය වේ. එබැවින් ලෝකයේ කුඩාම හමුදාව ඇති රට ලෙස වතිකානුවත් ඉන් පසු මොනාකෝ රාජ්‍යය දෙවන ස්ථානයත් හිමිකර ගනී. ඊට අමතරව  ලෝකයේ වැඩිම වයින් පානය කරන රට ලෙසටද වතිකානුව නම් දරා ඇත්තේය.

වතිකානු-හමුදාව-02 වතිකානු-හමුදාව-01 වතිකානු-හමුදාව swiss-guard Monaco aaaa



අදහස් (0)

ලෝකයේ කුඩාම හමුදාව වතිකානුවේ

ජයසිංහ Sunday, 07 February 2016 01:35 AM

සුන්දර හමුදාවක් (නි)

:       0       0

විද්‍යා Friday, 05 February 2016 08:18 PM

පාප් වහන්සේ ඉතාම දුර්ලභ ගනයේ උතුමෙක්. උන්වහසේ දුගී පැලට ගොස් මිනිසාගේ දුක සැප බලපු කෙනෙක්. වතිකානුව කියන්නේ දෙවන ලෝක යුද්ධයේදී සොරකම් කළ අගනා වස්තුව සඟවා ඇති තැනක්. (නි)

:       0       0

ටෙරන්ස් Friday, 05 February 2016 09:05 PM

හොඳ ලිපියක් (නි)

:       0       0

පිටිගල Friday, 05 February 2016 12:53 PM

වැදගත් ලිපියක් නමුත් එක් නිවැරදි කිරීමක් කරන්න කැමැත්තෙමි. වතිකානු පොන්ටිෆිකල් හමුදාව හෙවත් ස්විට්සර්ලන්ත කුලී හේවායන්ගේ කාර්යය වන්නේ පාප් වහන්සේත් එම අපෝස්තලික මන්දීරවලටත් ආරක්ෂාව සැපයීම පමණි. වතිකානු රාජයේ ආරක්ෂාව සහ එම රාජ්‍යයට විදේශ ආක්‍රමණයක් එල්ල වුවහොත් එම රාජ්‍යය ආරක්ෂා කලයුත්තේ ඉතාලි හමුදාවන්ය. ස්විස් කුලී හේවායන් නොවේ. මෙය ඉතාලි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන්ය.(හේ)

:       0       0

සුමේද විජේරත්න Saturday, 06 February 2016 12:54 PM

දැනුම බෙදන සුනිල් මහතාට ගොඩක් ස්තුතියි .(හේ)

:       0       0

නිරේෂ් Sunday, 07 February 2016 04:56 AM

මිනිසුන් ආගම් වාදය අල්ලාගෙන ඇනකොටා ගන්නවා අපි වචන පාවිච්චි කළ යුත්තේ කල්පනාවෙන්. (කෞ)

:       0       0

නන්දන Sunday, 07 February 2016 03:37 PM

පිටිගලගෙ මොලේ පිටිද? සුවීස් හමුදාව වීස්වාසනිසයි අරගෙන තියෙන්නෙ. ලෝකෙන්ම දියුනුම ලස්සනම රට.(කෞ)

:       0       0

මලික් Friday, 05 February 2016 11:55 PM

හරිම ලස්සන ඇඳුම් (නි)

:       0       0

කවිෂ්ක Monday, 08 February 2016 07:00 AM

හොද ලිපියක්.කියවන්න ආසයි.(හේ)

:       0       0

පිටිගල මිලානෝ Saturday, 06 February 2016 08:34 AM

වතිකානුවේ සමහර කොටස් වල අලංකාරව ඉදිකෙරුණු භාවනා කුටි ඇත. (නි)

:       0       0

ජි නන්දන Saturday, 06 February 2016 03:15 PM

වෙන්න බෑ.(හේ)

:       0       0

සිරිමලි Monday, 08 February 2016 08:13 AM

අපේ රටේ නම් ඇමති වරු ඉන්නවා ඊට වැඩිය (අ)

:       0       0

කුමාර් මෙන්ඩිස් Saturday, 06 February 2016 04:58 PM

ලයනල් හරියට හරි (නි)

:       0       0

පෙඩ්රික් Saturday, 06 February 2016 06:40 PM

වැදගත් ලිපියක් (නි)

:       0       0

ඉසුරු Saturday, 06 February 2016 07:43 PM

ඇත්තටම ලස්සනයි (නි)

:       0       0

චානක Friday, 05 February 2016 06:26 PM

අනේ නියමයි! (නි)

:       0       0

අමරසිරි වර්නකුලසුරිය Sunday, 07 February 2016 12:13 PM

කවදත් පැරීසියෙන් හොඳ දෙයක් අහන්න ලැබෙන්නේ. සුනිල්ගේ සමහර දේවල් කියවන කොට අපිත් පැරීසියට ගියා වගේ දැනෙනවා . ඒ ගොඩක් ලිපි මම එකතු කරලා තියෙනවා .මේ පිටුවේම නැණ කොසුවේ ඇති මී වදයකි ජීවිතේ කතාවත් හරි වටිනවා . ඒවා අපට ලබා දෙන ලංකාදීප එසැනට ස්තුතියි !(කෞ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 549 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2259 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1694 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site