ලක්ෂ ගණනින් හමුදාවන් ඇති රටවල් පිරි ලෝකයේ භටයන් 110 කින් සමන්විත කුඩාම හමුදාවක් ඇත්තේ පාප් වහන්සේ ජීවත් වන වතිකානු රාජ්‍යයේය. වර්ෂ 1506 දී එවකට සිටි දෙවන ජුලියස් පාප් වහන්සේ විසින් ශුද්ධවූ වතිකානුව ආරක්ෂා කර ගැනීමට භටයන් 200 කින් සමන්විත හමුදාවක් පිහිට වුයේය. එකල දක්ෂතම භටයන් ලෙස පිලිගත්තේ ස්විට්සර්ලන්ත ජාතික හමුදා භටයන් බැවින්; එම හමුදා භටයන් 200 කින් සමන්විත හමුදාවක් වතිකානුවේ ආරක්ෂාවට යොදා ගත්තේය.
වර්ෂ 1527 දී යුරෝපයේ විශාල ප‍්‍රමාණයක් පාලනය කල ආක‍්‍රමණශීලී චාර්ල්ස් කෑන් අධිරාජ්‍යාගෙන් වතිකානුවට ඇති විය හැකි අභියෝගයන් සලකා ඉහත හමුදාාව ආරම්භ කිරීමට හේතු වූයේය. කෙසේ නමුදු අද වනවිට එය භටයන් 110ක් දක්වා අඩුකර ඇත. වතිකානු රාජ්‍ය හා පාප් වහන්සේගේ ආරක්ෂාව සැලසීම ඔවුන්ගේ ප‍්‍රධාන රාජකාරියවේ. අදටත් එහි සේවය සඳහා බඳවා ගන්නේ ස්විස් ජාතිකයෝ පමණය. ඔවුන්ගේ නිල ඇඳුම සාමාන්‍ය හමුදා නිල ඇඳුමකට වෙනස් අලංකාර විසිතුරු වස්ත‍්‍රයකට සමානය. එයද විශේෂවේ.
දකුණු දිග ප‍්‍රංශයේ පිහිටා ඇති ඇල්බට් කුමාරයා පාලනය කරන වර්ග හෙක්ටාර් 202 වීශාලැති 38,000 ක ජනගහනයක් ඇති මොනාකෝ නොහොත් මොන්ටිකාලෝ රාජ්‍යයේ හමුදාව භටයන් 113 කින් සමන්විතය වේ. එබැවින් ලෝකයේ කුඩාම හමුදාව ඇති රට ලෙස වතිකානුවත් ඉන් පසු මොනාකෝ රාජ්‍යය දෙවන ස්ථානයත් හිමිකර ගනී. ඊට අමතරව ලෝකයේ වැඩිම වයින් පානය කරන රට ලෙසටද වතිකානුව නම් දරා ඇත්තේය.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුන්දර හමුදාවක් (නි)
පාප් වහන්සේ ඉතාම දුර්ලභ ගනයේ උතුමෙක්. උන්වහසේ දුගී පැලට ගොස් මිනිසාගේ දුක සැප බලපු කෙනෙක්. වතිකානුව කියන්නේ දෙවන ලෝක යුද්ධයේදී සොරකම් කළ අගනා වස්තුව සඟවා ඇති තැනක්. (නි)
හොඳ ලිපියක් (නි)
වැදගත් ලිපියක් නමුත් එක් නිවැරදි කිරීමක් කරන්න කැමැත්තෙමි. වතිකානු පොන්ටිෆිකල් හමුදාව හෙවත් ස්විට්සර්ලන්ත කුලී හේවායන්ගේ කාර්යය වන්නේ පාප් වහන්සේත් එම අපෝස්තලික මන්දීරවලටත් ආරක්ෂාව සැපයීම පමණි. වතිකානු රාජයේ ආරක්ෂාව සහ එම රාජ්‍යයට විදේශ ආක්‍රමණයක් එල්ල වුවහොත් එම රාජ්‍යය ආරක්ෂා කලයුත්තේ ඉතාලි හමුදාවන්ය. ස්විස් කුලී හේවායන් නොවේ. මෙය ඉතාලි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන්ය.(හේ)
දැනුම බෙදන සුනිල් මහතාට ගොඩක් ස්තුතියි .(හේ)
මිනිසුන් ආගම් වාදය අල්ලාගෙන ඇනකොටා ගන්නවා අපි වචන පාවිච්චි කළ යුත්තේ කල්පනාවෙන්. (කෞ)
පිටිගලගෙ මොලේ පිටිද? සුවීස් හමුදාව වීස්වාසනිසයි අරගෙන තියෙන්නෙ. ලෝකෙන්ම දියුනුම ලස්සනම රට.(කෞ)
හරිම ලස්සන ඇඳුම් (නි)
හොද ලිපියක්.කියවන්න ආසයි.(හේ)
වතිකානුවේ සමහර කොටස් වල අලංකාරව ඉදිකෙරුණු භාවනා කුටි ඇත. (නි)
වෙන්න බෑ.(හේ)
අපේ රටේ නම් ඇමති වරු ඉන්නවා ඊට වැඩිය (අ)
ලයනල් හරියට හරි (නි)
වැදගත් ලිපියක් (නි)
ඇත්තටම ලස්සනයි (නි)
අනේ නියමයි! (නි)
කවදත් පැරීසියෙන් හොඳ දෙයක් අහන්න ලැබෙන්නේ. සුනිල්ගේ සමහර දේවල් කියවන කොට අපිත් පැරීසියට ගියා වගේ දැනෙනවා . ඒ ගොඩක් ලිපි මම එකතු කරලා තියෙනවා .මේ පිටුවේම නැණ කොසුවේ ඇති මී වදයකි ජීවිතේ කතාවත් හරි වටිනවා . ඒවා අපට ලබා දෙන ලංකාදීප එසැනට ස්තුතියි !(කෞ)