IMG-LOGO

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා


ලෝකයේ කොටස් වෙළෙඳපොළවලට අලුත් වසරේ හොඳ ආරම්භයක්

චීනයේ ද සහාය ඇතිව ලෝකයේ කොටස් වෙළෙඳපොළවල් නව ප්‍රබෝධයකින් අලුත් වසරේ වෙළෙඳ කටයුතු ඇරැඹීය.

පසුගිය වසරේ පසුබැසීම්වලින් මේ වසරට කිසිදු බලපෑමක් නැති බව ඉන් පෙනී ගිය අතර ආරම්භය සුබදායක විය.

බැංකු රඳවාගත යුතු මුදල් ප්‍රමාණය පහළ හෙළන බව චීන මහ බැංකුව නිවේදනය කළ අතර 2018 වසරෙන් පසු එලෙස බැංකු රඳවා ගත යුතු මුදල් ප්‍රමාණය අඩු කළ අටවැනි අවස්ථාව විය.

මහ බැංකුව ගත් එම පියවරත් සමඟ චීනයට ඔවුන්ගේ ආර්ථික වර්ධනය ඉහළ නැංවීම සඳහා යුවාන් බිලියන 800ක මුදලක් (ඇමෙරිකානු ඩොලර් 115ක්) නිදහස් කරගැනීමට හැකියාව ලැබේ.

දීර්ඝකාලයක් තිස්සේ පැවැති වෙළෙඳ යුද්ධය අවසන් කරමින් ඇමෙරිකාව සහ චීනය අතර වෙළෙඳ ගිවිසුමේ පළමුවන කොටසට ජනවාරි 15 වැනිදා අත්සන් තබන බව ද ඒ අතරවාරයේදී ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කළේය.

යුරෝපයේ ප්‍රධාන වෙළෙඳපොළවල් සියයට 0.4 සිට සියයට 0.8 දක්වා ප්‍රතිලාභ ලැබීය. නව දශකයේදී ආසියානු කොටස් වෙළෙඳපොළවල්ද ඉහළ වර්ධනයක් වාර්තා කළේය. වෙළෙඳාම් කෙරුණු පළමු සැසියේදී ආසියානු කොටස් වෙළෙඳපොළවල් ඉහළ ගියේය. ඇමෙරිකාවේ වෝල් ස්ට්‍රීට් මූල්‍ය වෙළෙඳපොළවලද ආසියාවේ හා යුරෝපයේ මෙන් වර්ධනයක් පෙන්වීය.

රොයිටර් 

055

 



අදහස් (0)

ලෝකයේ කොටස් වෙළෙඳපොළවලට අලුත් වසරේ හොඳ ආරම්භයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 760 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2405 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1760 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site