චීනයේ ද සහාය ඇතිව ලෝකයේ කොටස් වෙළෙඳපොළවල් නව ප්‍රබෝධයකින් අලුත් වසරේ වෙළෙඳ කටයුතු ඇරැඹීය.
පසුගිය වසරේ පසුබැසීම්වලින් මේ වසරට කිසිදු බලපෑමක් නැති බව ඉන් පෙනී ගිය අතර ආරම්භය සුබදායක විය.
බැංකු රඳවාගත යුතු මුදල් ප්‍රමාණය පහළ හෙළන බව චීන මහ බැංකුව නිවේදනය කළ අතර 2018 වසරෙන් පසු එලෙස බැංකු රඳවා ගත යුතු මුදල් ප්‍රමාණය අඩු කළ අටවැනි අවස්ථාව විය.
මහ බැංකුව ගත් එම පියවරත් සමඟ චීනයට ඔවුන්ගේ ආර්ථික වර්ධනය ඉහළ නැංවීම සඳහා යුවාන් බිලියන 800ක මුදලක් (ඇමෙරිකානු ඩොලර් 115ක්) නිදහස් කරගැනීමට හැකියාව ලැබේ.
දීර්ඝකාලයක් තිස්සේ පැවැති වෙළෙඳ යුද්ධය අවසන් කරමින් ඇමෙරිකාව සහ චීනය අතර වෙළෙඳ ගිවිසුමේ පළමුවන කොටසට ජනවාරි 15 වැනිදා අත්සන් තබන බව ද ඒ අතරවාරයේදී ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කළේය.
යුරෝපයේ ප්‍රධාන වෙළෙඳපොළවල් සියයට 0.4 සිට සියයට 0.8 දක්වා ප්‍රතිලාභ ලැබීය. නව දශකයේදී ආසියානු කොටස් වෙළෙඳපොළවල්ද ඉහළ වර්ධනයක් වාර්තා කළේය. වෙළෙඳාම් කෙරුණු පළමු සැසියේදී ආසියානු කොටස් වෙළෙඳපොළවල් ඉහළ ගියේය. ඇමෙරිකාවේ වෝල් ස්ට්‍රීට් මූල්‍ය වෙළෙඳපොළවලද ආසියාවේ හා යුරෝපයේ මෙන් වර්ධනයක් පෙන්වීය.
රොයිටර්
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd