නව කොරෝනා වයිරසය හෙවත් ‘කොවිඩ්-19’ ගෝලීය වසංගතය සම්බන්ධයෙන් වාර්තා කිරීමේදී ඉන්දීය මාධ්‍යවේදීන් 55 දෙනකුට ආසන්න පිරිසක් විවිධ ප්‍රචණ්ඩ ක්‍රියාවලට සහ අඩත්තේට්ටම්වලට ලක්ව ඇතැයි වාර්තා වේ.
ඉන්දියාවේ නවදිල්ලි නුවර කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක වන ‘ද රයිට්ස් ඇන්ඩ් රිස්ක්ස් ඇනලයිසිස් ගෲප් (ආර්.ආර්.ඒ.ජී)’ පර්යේෂණ හා අධ්‍යයන ආයතනය නිකුත් කළ නවතම වාර්තාවක ඒ බව දැක්වේ.
කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ඉන්දීය රජය ලොක්ඩවුන් සීමා පැනවූ අතර ඒ අනුව මාර්තු මස 25 වැනිදා සිට මැයි මස 31 වැනිදා දක්වා කාලයේදී ඉන්දීය මාධ්‍යවේදීන් 55 දෙනකුට ආසන්න පිරිසක් විවිධ ප්‍රචණ්ඩ ක්‍රියාවලට ලක්වා ඇතැයි එම ආයතනය පෙන්වාදෙයි.
ඒ අනුව ඇතැම් මාධ්‍යවේදීන් අත්අඩංගුවට පත්ව ඇති අතර, ඇතැම් අය කායික හිංසනවලට ලක්ව ඇත. කොරෝනා වයිරසය වාර්තා කළ ඇතැම් මාධ්‍යවේදීන්ගේ උපකරණ විනාශ කර ඇත. මේ හේතුවෙන් ඉන්දියාවේ අදහස් හා මත දැරීමේ මෙන්ම අදහස් ප්‍රකාශනයේ නිදහස තර්ජනයට ලක්වා ඇතැයි ද එම වාර්තාව පෙන්වාදෙයි.
‘‘ඉන්දියාව මාධ්‍යවේදීන්ට ලොව තිබෙන අවදානම් ස්ථානවලින් එකක් බවට පත්වෙලා’’ ‘ද රයිට්ස් ඇන්ඩ් රිස්ක්ස් ඇනලයිසිස් ගෲප් (ආර්.ආර්.ඒ.ජී)’ පර්යේෂණ හා අධ්‍යයන ආයතන වාර්තාවේ දැක්විණි.
මාධ්‍යවේදීන්ට ප්‍රහාර එල්ල වීමේ වැඩිම සිදුවීම් ගණනක් වාර්තා වී ඇත්තේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයෙනි. එම ප්‍රාන්තයේ මාධ්‍යවේදීන් 11 දෙනකුට ප්‍රහාර එල්ල වී ඇත. ජම්මු හා කාශ්මීරයේ මාධ්‍යවේදීන් හයදෙනකුට හිමාචල් ප්‍රදේශ් ප්‍රාන්තයේ මාධ්‍යවේදීන් පස්දෙනකුට ප්‍රහාර එල්ල වී ඇත.
අල්ජසීරා
055
2025 නොවැම්බර් මස 04
731
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2391
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1755
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ලොක්ඩවුන් කාලයේදී ඉන්දීය මාධ්‍යවේදීන් 50 වැඩි පිරිසක් ප්‍රචණ්ඩත්වයට ගොදුරුවෙලා