IMG-LOGO

2025 අගෝස්තු මස 14 වන බ්‍රහස්පතින්දා


ලොක්ඩවුන් කිරීම තිරසාර විසඳුමක් නොවේ

රට සම්පූර්ණයෙන් ලොක්ඩවුන් කිරීම 'කොවිඩ් 19' වසංගතය පාලනයට තිරසාර විසඳුමක් නොවන බව ඕස්ට්‍රේලියා අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් පවසයි.

ඕස්ට්‍රේලියාවෙන් 'කොවිඩ් 19' තුරන් කිරීමේ නව සැලැස්ම වන්නේ රට ලොක්ඩවුන් කිරීම නොව, 'කොවිඩ් 19' වයිරසය සමඟ ජීවත් වීමට ක්‍රමවේදයක් සකස් කර ගැනීම සහ නව සාමාන්‍යකරණය පවත්වාගෙන යෑම යැයි අග්‍රාමාත්‍ය මොරිසන් පැහැදිලි කර තිබේ.

රටේ එන්නත්කරණ ට සුදුසුකම් ලැබූ ජනතාවගෙන් සියයට 70 කට වඩා එන්නත් ලබා දීමෙන් පසු එම නව සැලැස්ම කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන බව ද අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

මේ වනවිට ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන නගර අයත් ප්‍රාන්ත රැසක් ලොක්ඩවුන් කර තිබේ. ඒ ඩෙල්ටා විකෘතිය ආසාදනය වූවන් වාර්තාවීමට පටන් ගෙන ඇති බැවිනි. ගතවුණු පැය 24 ඇතුළත නව ආසාදිතයන් 915 ක් වාර්තා වූ බවත්, ඕස්ට්‍රේලියාවෙන් දෛනිකව කොරෝනා ආසාදිතයන් 900 පසු කළ පළමු අවස්ථාව මෙය බවත් එරට මාධ්‍ය වාර්තා කර තිබේ.

ලොක්ඩවුන් සීමා නිසා ජනතාවට සහ ව්‍යාපාරවලටත් රටේ ආර්ථිකයටත් සිදුවී ඇති සහ සිදුවන බලපෑම තමන් හොඳින් දන්නා බවත්, මේ මොහොතේ ලොක්ඩවුන් කිරීම අනිවාර්යය බවත්, ඉදිරියේ දී නව ක්‍රමවේදයකට හැඩ ගැසීමට කටයුතු කළ යුතු බවත් අග්‍රාමාත්‍යවරයා වැඩි දුරටත් පෙන්වා දුන්නේය.

රටේ ආර්ථිකය ගැන පමණක් සිතා, සෞඛ්‍ය උපදෙස් නොසලකා ලොක්ඩවුන් සීමා කඩිමුඩියේ ඉවත් කළෙහොත්, වයිරස ව්‍යාප්තිය තවත් ඉහළ යා හැකි බවත් එවැනි තත්ත්වයකදී ඊට මුහුණ දීමට ද රටේ ජනතාව සූදානමින් සිටිය යුතු බවත් ඕස්ට්‍රේලියා අග්‍රාමාත්‍යවරයා ඉල්ලීමක් කළේය.

ඕස්ට්‍රේලියා අග්‍රාමාත්‍යවරයා මෙසේ ඉල්ලා සිටියේ එරට ප්‍රධාන නගර කීපයක, ලොක්ඩවුන් තහංචි සම්බන්ධයෙන් ජනතා විරෝධයක් හටගෙන ඇති බැවිනි.

වීදි බැස විරෝධතා පවත්වන පිරිස් විසුරුවා හැරීමට කැරැලි මර්දන පොලිසිය යෙදවීමට සිදුවී ඇති බවත්, පොලිස් නිලධාරීන් පිරිස් විසුරුවා හැරීමට ගම්මිරිස් දියර ඉසීම සිදු කරන බවත් ඕස්ට්‍රේලියා මාධ්‍ය වාර්තා කරයි.

'කොවිඩ් 19' වයිරස ව්‍යාප්තියඉතා හොඳින් පාලනය කරගත් රටක් ලෙස සැලකෙන නවසීලන්තයෙන් ද යළි කොරෝනා ආසාදිතයන් වාර්තා වීමට පටන්ගෙන ඇති අතර පනවා ඇති ලොක්ඩවුන් තහංචි තවත් දීර්ඝ කිරීමට සිදුවනු ඇතැයි එරට අග්‍රාමාත්‍යවරිය ජැසෙන්ඩා එර්ඩර්න් පවසා තිබේ.

මේ වනවිට නවසීලන්තයේ වෙලින්ටන් අගනුවරින් ද නව ආසාදිතයන් වාර්තා වීමට පටන්ගෙන තිබේ.  මීට පෙර 'කොවිඩ් 19' ව්‍යාප්ත වෙද්දී සාර්ථක වූ අයුරින්, මෙම ඩෙල්ටා විකෘතිය පාලනය කිරීමට ජනතා සහාය ලැබෙනු ඇතැයි තමන් විශ්වාස කරන බව නවසීලන්ත අග්‍රාමාත්‍යවරිය පවසා ඇත.

විනය ගරුක ජනතාවක් තමන්ට සිටින බැවින් මෙම කොරෝනා රැල්ල ද පහසුවෙන් පාලනය කර ගැනීමට හැකිවනු ඇතැයි තමන් විශ්වාස කරන බව ද අග්‍රාමාත්‍යවරිය වැඩි දුරටත් පැහැදිලි කර ඇත.

(රොයිටර්)



අදහස් (0)

ලොක්ඩවුන් කිරීම තිරසාර විසඳුමක් නොවේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 103 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 877 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 377 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site