ශ්රී ලංකාවේ සංස්කෘතිය හා සාම්ප‍්‍රදායික නර්ථන කලාවන් පිළිබඳ හැඟීමක් හා අවබෝධයක් ලබා දීමේ පරමාර්ථයෙන් ජෝර්දානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් ප‍්‍රථම වරට සංවිධානය කැරුණු සංස්කෘතික සංදර්ශනයක් ජෝර්දාන් විශ්ව විද්‍යාලයීය පරිශ‍්‍රයේදී පැවැත්විණි.
තානාපති ඒ. එල්. එම්. ලාෆීර් සහ ජෝර්දාන් විශ්ව විද්‍යාලයීය කුලපති මහාචාර්ය එක්ලිෆ් තරවුනේ ගේ ප‍්‍රධානත්වයෙන් සාම්ප‍්‍රදයානූකූලව පොල්තෙල් පහන දල්වමින් උත්සවයේ සමාරම්භය සනිටුහන් කළහ.
විශ්ව විද්‍යාල සිසුන් හා අචාර්ය මණ්ඩලයේ විශාල පිරිසක් නර්තන දර්ශනය නැරඹීම සඳහා පැමිණ සිටියහ. නර්තන ශිල්පී විද්‍යාපති රවිබන්දු මහතා ප‍්‍රමුඛ නර්තන කණ්ඩායම සංදර්ශනය වර්ණවත් කළහ.
ජෝර්දාන් විශ්ව විද්‍යාලය ජෝර්දානයේ පැරණිතම විශ්ව විද්‍යාලය වන අතර දැනට ජාතීන් 72ක් නියෝජනය කරමින් සිසුහු 34000කට ආසන්න ප‍්‍රමාණයක් අධ්‍යාපනය හදාරති.
ශ්‍රී ලාංකික සිසුන්ගේ යහපත උදෙසා දෙරට අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමේ මූලික සාකච්ඡාවන් තානාපති සහ විශ්ව විද්‍යාල බලධාරීන් අතර ආරම්භ වී ඇත.
සංචාරක මණ්ඩලයේ අත්පත‍්‍රිකා ද එහිදී බෙදා හැරිණි.
2025 නොවැම්බර් මස 04
549
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2259
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1694
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ලක් සංස්කෘතිය ජෝර්දානය හැඩකරයි
මේනු Monday, 15 February 2016 09:33 AM
සුදු තිරයක් පිටුපසින් තිබුනානම් තමා ලස්සන. (ර)