මිහිතලය උණුසුම් වීමේ සංසිද්ධිය නිසා ලෝකයේ සාගර ජලයේ උෂ්ණත්වය වේගයෙන් ඉහළ ගොස් ඇති බව විද්‍යාඥයෝ අනතුරු අඟවති.
ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම සාගර ජිවීන් ගණනාවකට මෙන්ම ජලජ පැළෑටි වලට ද මහත් තර්ජයක් වී පවතී.
එය මිනිස් ආහාර දාමයේ ප්‍රධාන කොටසක් වීම නිසා අනතුරුදායක තත්ත්වයක් උදාවිය හැකි බව කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයකු පෙන්වා දී තිබේ.
චීන විද්‍යා ආයතනය ඇතුළු කණ්ඩායම් කිහිපයක් විසින් මෙම අධ්‍යයනය සිදුකර ඇත.
පොසිල ඉන්ධන දහනයෙන් හරිතාගාර වායු සහ ඕසෝන් ස්ථරය අතර රැදී ඇති අතිරික්ත උණුසුමෙන් 93 % ක් අවශෝෂණය කර ගන්නේ මිහිතලයේ ඇති සාගර ජලය මගිනි.
අල්ජසීරා ඇසුරෙනි
(28535)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd