IMG-LOGO

2025 ඔක්තෝබර් මස 26 වන ඉරිදා


ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉවත් වෙනවා

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ඇමෙරිකාව ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉවත් කර ගැනීමට තීරණය කිරීමත් සමඟ, ලතින් ඇමෙරිකාවට අයත් ආජන්ටිනාව ද ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉවත් වන බව තීරණය කළේය.

ට්‍රම්ප්, ඇමෙරිකාව ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉවත් කර ගැනීමට කටයුතු කළේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ ක්‍රියාකලාපය දැඩි ලෙස විවේචනය කරමිනි. 

2019 අවසානයේ ‘කොවිඩ් 19’ වසංගතය ආරම්භ වී, එය ගෝලීය වසංගතයක් දක්වා දුර දිග ගියේ ලෝක සෞඛ්‍ය සංවිධානය නිවැරදි තීන්දු නොගැනීම නිසා යැයි ට්‍රම්ප් ලෝක සෞඛ්‍ය සංවිධානයට චෝදනා නගා ඇත. 2019 වසරේ දී චීනයේ වූහාන් නුවරින් හිස එසවුණු ‘කොවිඩ් 19’ වසංගතය ඔඩුදුවද්දී, ඇමෙරිකාවේ ජනාධිපති ධුරය හෙබවූයේ ද ට්‍රම්ප්ය. 

ආජන්ටිනා ජනාධිපති හවියේ මිලෙයි ද පවසා ඇත්තේ, ‘කොවිඩ් 19’ වයිරසය ගෝලීය වසංගතයක් තෙක් දුරදිග ගියේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ නොසැලකිල්ල නිසා බවය. ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගත් තීරණය නිවැරදි බවත්, ඒ අනුව යමින්, තමන් ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ආජන්ටිනාව ඉවත් කර ගැනීමට පියවර ගන්නා බවත් ජනාධිපති හවියේ මිලෙයි පැහැදිලි කර ඇත. හවියේ මිලෙයි, ඇමෙරිකන් ජනාධිපති ට්‍රම්ප්ගේ මිතුරෙකි. 

පසුගිය 2024 නොවැම්බරයේ පැවැති ඇමෙරිකන් ජනාධිපතිවරණයෙන් ට්‍රම්ප් ජයග්‍රහණය කළ අවස්ථාවේදී, ඇමෙරිකාවේ ත්‍්ලොරීඩා ජනපදයේ ‘මාර් අ ලාගෝ’ ට්‍රම්ප්ගේ මන්දිරයට ගොස් ට්‍රම්ප් හමුවුණු පළමු රාජ්‍ය නායකයා වන්නේ ද හවියේ මිලෙයි ය.

 (ඒ.එෆ්.පී.)



අදහස් (0)

ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉවත් වෙනවා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1462 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1312 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 474 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site