IMG-LOGO

2025 අගෝස්තු මස 15 වන සිකුරාදා


ලෝක සෞඛ්‍ය සංවිධානයට රටවල් 14 අප්‍රසදය පළ කරයි

‘කොවිඩ් 19’ හෙවත් නව කොරෝනා වයිරස වසංගතයේ සුලමුල සම්බන්ධයෙන්, ලෝක සෞඛ්‍ය සංවිධානය කරන පැහැදිලි කිරීම පිළිගත නොහැති බවත්, වයිරසයේ ආරම්භය සහ ව්‍යාප්තිය සම්බන්ධයෙන් අපක්ෂපාතී, සාධාරණ විමර්ශනයක් අවශ්‍ය බවත් පෙන්වා දෙමින්  රටවල් 14 ක්, ලෝක සෞඛ්‍ය සංවිධානයට අප්‍රසාදය පළ කර ඇත.

‘කොවිඩ් 19’ වයිරසයේ ආරම්භය සිදුවූයේ වවුලන්ගෙන් යැයි ලෝක සෞඛ්‍ය සංවිධානය, වයිරසයේ ආරම්භය සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති විශේෂ වාර්තාවේ සඳහන් වෙයි. ‘කොවිඩ් 19’ වයිරසය ව්‍යාප්තවීම පසුපස වූහාන් නුවර පිහිටි චීන රජයට අයත් වයිරස පර්යේෂණ ආයතනයේ සම්බන්ධයක් නැතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය එම වාර්තාව මගින් තහවුරු කර ඇත.

වයිරසයේ සුලමුල සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය කරන පැහැදිලි කිරීම ප්‍රමාණවත් මදි බවත්, ඒ සම්බන්ධයෙන් සෑහීමකට පත්විය නොහැකි බවත් අපක්ෂපාතී ස්වාධීන පරීක්ෂණයක් පැවැත්විය යුතු බවත් ඇමෙරිකාව ඇතුළු ලොව ප්‍රධාන රටවල් 14 ක් පෙන්වා දී තිබේ.

ලෝක සෞඛ්‍ය සංවිධානයට අප්‍රසාදය පළ කළ සෙසු රටවල් අතර,  ඕස්ටේ්‍රලයාව, කැනඩාව, චෙක් ජනරජය, ඩෙන්මාර්කය, එස්තෝනියාව, ඊශ්‍රායලය, ජපානය, ලිතුවේනියාව, නෝර්වේ, කොරියාව, ස්ලොවේකියාව සහ මහා බ්‍රිතාන්‍යය එම රටවල් අතර සිටී.

ජිනීවාහිදීය (රොයිටර්)



අදහස් (3)

ලෝක සෞඛ්‍ය සංවිධානයට රටවල් 14 අප්‍රසදය පළ කරයි

de silva Wednesday, 31 March 2021 12:32 PM

ඔය වෛරස් එක අනිවාර්යයෙන්ම චීනයේ හෝ වෙනත් රටක රසායනාගාරයක් තුළ පසුගිය අවුරුදු කිහිපයක් තුළ කෘතිමව නිපදවූ වෛරසයක්.. ඔය කියන විදිහට ඕක සත්තුන්ගෙන් බෝ වුණා නම් පසුගිය අවුරුදු දහස් ගණනක් තුළ වාර්තා වුණේ නැත්තේ මොකද? ස්වභාවිකව වෛරස් වර්ගය මෙතරම් වේගයෙන් බෝවෙන්නේ නැහැ.

:       4       4

JinarathnaThursday, 01 April 2021 12:59 AM

මොන මෝඩයද තමන්ගේ රටේ හදපු වෛරසයක් තමන්ගේම රටේ මිනිස්සුන්ට හදවන්නේ.

:       1       1

chandana Thursday, 01 April 2021 05:33 AM

වෛරසය ගැන මත පල කරන්න මම විශේෂඥයෙක් නෙවෙයි. ඒත මේ රටවල් සාමාන්‍යයෙන් අපිටත් විරුද්ධ වෙච්ච රටවල්. මේ රටවල් හිතන්නේ ඒගොල්ලො හිතන දේ තමයි සත්‍යය විය යුත්තේ කියලයි. එක අතකට චීන විරෝධයත් අනෙක් අතට ඕනම බොරුවක්ට වුණත් බටහිර ගැති වීමත් තමයි ඔතන තියෙන්නෙ.

:       2       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 22 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 123 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 927 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site