‘කොවිඩ් 19’ හෙවත් නව කොරෝනා වයිරස වසංගතයේ සුලමුල සම්බන්ධයෙන්, ලෝක සෞඛ්‍ය සංවිධානය කරන පැහැදිලි කිරීම පිළිගත නොහැති බවත්, වයිරසයේ ආරම්භය සහ ව්‍යාප්තිය සම්බන්ධයෙන් අපක්ෂපාතී, සාධාරණ විමර්ශනයක් අවශ්‍ය බවත් පෙන්වා දෙමින් රටවල් 14 ක්, ලෝක සෞඛ්‍ය සංවිධානයට අප්‍රසාදය පළ කර ඇත.
‘කොවිඩ් 19’ වයිරසයේ ආරම්භය සිදුවූයේ වවුලන්ගෙන් යැයි ලෝක සෞඛ්‍ය සංවිධානය, වයිරසයේ ආරම්භය සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති විශේෂ වාර්තාවේ සඳහන් වෙයි. ‘කොවිඩ් 19’ වයිරසය ව්‍යාප්තවීම පසුපස වූහාන් නුවර පිහිටි චීන රජයට අයත් වයිරස පර්යේෂණ ආයතනයේ සම්බන්ධයක් නැතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය එම වාර්තාව මගින් තහවුරු කර ඇත.
වයිරසයේ සුලමුල සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය කරන පැහැදිලි කිරීම ප්‍රමාණවත් මදි බවත්, ඒ සම්බන්ධයෙන් සෑහීමකට පත්විය නොහැකි බවත් අපක්ෂපාතී ස්වාධීන පරීක්ෂණයක් පැවැත්විය යුතු බවත් ඇමෙරිකාව ඇතුළු ලොව ප්‍රධාන රටවල් 14 ක් පෙන්වා දී තිබේ.
ලෝක සෞඛ්‍ය සංවිධානයට අප්‍රසාදය පළ කළ සෙසු රටවල් අතර, ඕස්ටේ්‍රලයාව, කැනඩාව, චෙක් ජනරජය, ඩෙන්මාර්කය, එස්තෝනියාව, ඊශ්‍රායලය, ජපානය, ලිතුවේනියාව, නෝර්වේ, කොරියාව, ස්ලොවේකියාව සහ මහා බ්‍රිතාන්‍යය එම රටවල් අතර සිටී.
ජිනීවාහිදීය (රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය වෛරස් එක අනිවාර්යයෙන්ම චීනයේ හෝ වෙනත් රටක රසායනාගාරයක් තුළ පසුගිය අවුරුදු කිහිපයක් තුළ කෘතිමව නිපදවූ වෛරසයක්.. ඔය කියන විදිහට ඕක සත්තුන්ගෙන් බෝ වුණා නම් පසුගිය අවුරුදු දහස් ගණනක් තුළ වාර්තා වුණේ නැත්තේ මොකද? ස්වභාවිකව වෛරස් වර්ගය මෙතරම් වේගයෙන් බෝවෙන්නේ නැහැ.
වෛරසය ගැන මත පල කරන්න මම විශේෂඥයෙක් නෙවෙයි. ඒත මේ රටවල් සාමාන්‍යයෙන් අපිටත් විරුද්ධ වෙච්ච රටවල්. මේ රටවල් හිතන්නේ ඒගොල්ලො හිතන දේ තමයි සත්‍යය විය යුත්තේ කියලයි. එක අතකට චීන විරෝධයත් අනෙක් අතට ඕනම බොරුවක්ට වුණත් බටහිර ගැති වීමත් තමයි ඔතන තියෙන්නෙ.