වොෂින්ටන්හිදීය (රොයිටර්)
ලෝක වෙළෙඳ සංවිධානය ප‍්‍රගතියක් පෙන්නුම් නොකළහොත් ඇමෙරිකා එක්සත් ජනපදය ඉන් ඉවත් කරගන්නා බව ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් අවධාරණය කරයි.
බ්ලූම්බර්ග් පුවත් සේවය සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඇමෙරිකා ජනාධිපතිවරයා එම අනතුරු ඇඟවීම කර ඇත.
ඇමෙරිකා ජනාධිපති ට‍්‍රම්ප් පසුගිය කාලයේදී දිගින් දිගටම ලෝක වෙළෙඳ සංවිධානය විවේචනය කළේය. ජනාධිපති ට‍්‍රම්ප් එලෙස ඇමෙරිකාව ලෝක වෙළෙඳ සංවිධානයෙන් ඉවත් කරගත හොත් එය නූතන වෙළෙඳ පද්ධතියේ පදනමට හානි කරනු ඇත. ඇමෙරිකා එක්සත් ජනපදය යනු ලෝක වෙළෙඳ සංවිධානය නිර්මාණය කිරීමේදී ප‍්‍රමුඛත්වය ගත් රටකි.
‘‘ඔවුන් ප‍්‍රගතියක් පෙන්නුම් කළේ නැත්නම්, මම ලෝක වෙළෙඳ සංවිධානයෙන් ඉවත් වෙනවා’’ ට‍්‍රම්ප් කීය.
ගෝලීය වෙළෙඳාම තුළ දී ඇමෙරිකාවට අසාධාරණකම් රැසක් සිදුව ඇති බවත් එසේ කිරීමට ඉඩ දීම සම්බන්ධයෙන් ලෝක වෙළෙඳ සංවිධානය එහි වගකීම බාරගත යුතු බවත් ඩොනල්ඞ් ට‍්‍රම්ප් කිහිප අවස්ථාවකදීම චෝදනා කළේය.
( 055)
2025 නොවැම්බර් මස 04
760
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2405
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1760
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ලෝක වෙළෙඳ සංවිධානයට ට්‍රම්ප්ගෙන් අනතුරු ඇඟවීමක්