
ලෝක විවාහක රූ රැජින කිරුළ වසර 21 කට පසු ඉන්දියාවට හිමිවිය.
ඒ 2022 වසරේ ලෝක විවාහක රූ රැජින ලෙස ඉන්දියානු සුරූපිනී සර්ගාම් කෝෂාල් කිරුළු පැලඳීමත් සමඟය.
2022 වසරේ ලෝක විවාහක රූ රැජින තරගාවලිය ඇමෙරිකාවේ ලාස් වේගාස්හිදී පැවැත්විණි.
තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කළේ ඌෂි පෙරේරා ය.
ඇයට අවසන් තරඟකරුවන් 16 අතරට පැමිණීමට සමත් වූවාය.
2022 ලෝක රූ රැජින තරගාවලියේ දෙවැනි ස්ථානය පොලිනීෂියානු සුරූපිනියටත් තෙවැනි ස්ථානය කැනඩා සුරූපිනියටත් හිමිවිය.
(ඉන්දීය මාධ්‍ය ඇසුරිනි)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd