ශ්රී ලංකා සමඟි සංවිධානය ලන්ඩන් නුවර ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයය ඉදිරිපිටදී "මාතෘ භුමිය අනතුරේ" නමින් රජයේ වත්මන් වැඩපිළිවෙළට අකමැත්ත කියාපෑමේ විරෝධතාවයක් සංවිධානය කර ඇත.
පෙබරවාරි 12 වැනි සිකුරාදා දහවල් 2 සිට සවස 6 දක්වා පැවැත්වෙන බව කියන මෙම විරෝධතාවයේ අරමුණ වනුයේ " ශ්‍රී ලංකා රජයේ රට බෙදන ෆෙඩරල් ව්‍යවස්ථා සංශෝධනය” “ජාත්‍යන්තර යුද අපරාධ අධිකරණය මඟින් රණවිරුවන් බිල්ලට දීම”, “ශ්‍රී ලංකාව ඉන්දියාවේ යටත් දේශයක් බවට පත් කරන ඉන්දු ලංකා සීපා ගිවිසුම”, ‘තමිල්නාඩුව සහ ශ්‍රී ලංකාව යා කරන හනුමා පාලම’ ඇතුළු බෙදුම්වාදීන්ගේ සහ ජාත්‍යන්තරයේ බලපෑමට යටත්වී තිස් දහසකට වැඩි ජාතියේ විරුවන් ජීවිත පරිත්‍යාගයෙන් රැකගත් ඒකීය මාතෘ භුමිය දෙකඩ කර විදේශ යටත් විජිතයක් කරවීමේ ශ්‍රී ලංකා රජයේ වැඩපිළිවෙළට එරෙහිව බව " නිකුත්කර ඇති නිවේදනයෙහි සඳහන්වෙයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තාම ඉදිරිපත්කර නැති ව්‍යවස්ථාවක් ගැනයි , ජාත්‍යන්තර යුධ අධිකරණයක් ආදී නොපැහැදිලි සටන්පාට කීපයක් ඉදිරියට දමා මේ උත්සහ ගන්නේ රාජපක්ෂට නැවත බලයට ගේන්න ගන්න උත්සහයක් කියල බලු බැල්මට පෙනෙනවා...පසුගිය රාජපක්ෂ පාලනය යටතේ සිදුවූ මහා පරිමාන වංචා දුෂණ,මිනීමැරුම්, පැහැරගෙන යෑම් ,ආදී දේට නිතිය නිසියාකාරව හරි බරින් ක්‍රියා නොකිරීම,මහබැංකු මුල්‍ය වංචාව ආදී දේ ගැන මේ රජයට විරුද්ධව කරන උද්ඝෝෂණයක් නම් අපිත් සහබාගි වෙනවා...බොරු දේශප්‍රේමීන්ට අපේ කිසිම සහයක් නැහැ... (අ)
මේක සංවිධානය කරන්නේ කාලෙකට පෙර ජවිපෙ කියා ගත්ත දෙන්නෙක්. මේ දෙදෙනා වැඩියම දක්ෂ කඩාකප්පල්කාරී වැඩ වලට. මෙදෙන්නා හරිම අසයි සමිති ඇතුලට පැනගන්න. මේකත් ඒ වගේ අලුත් පිම්මක්. ඔය දෙන්න රටට ආදරය කිරීම කෙසේ වෙතත් මෙච්චරකල් කලේ රට විකුණගෙන කාපු එක. ලංකාවේ දුප්පතුන්ට කියලා ආධාර එකතු කරන්නත් හරිම දක්ෂයෝ දෙන්නෙක්. (අ)
දැන් ආයෙත් කරලියට ඇවිල්ල වගේ. (ර)
මේ දේ විදේශ ගත දසදහස් ගණන් වන අපි ඉතා අගය කොට සළකනවා. අපේ රට පාවා දීම වැළක්විය යුතුයි. (ම)
රටක තානාපති කාර්යාලයක් ඉදිරියට ගොස් විරෝධය පෑම මොනතරම් බරපතල දෙයක්ද? මේවා දිහා බලාඉන්න විදේශිකයෝ හිතනවා ඇති ලංකාව හතර මහා අපායන්ගෙන් එකක් කියලා. මේවායින් වෙන්නේ රටට එන සුද්දෝ ටිකත් අඩුවෙන එක. (නි)
රට ෆෙඩරල් කිරීම හරි ඉඩම්, පොලීසී, මුදල් බලතල පළාත් සභාවලට දෙන්න යාම, මේවා මහා භයානක වැඩ. අපේ රණවිරුවන් තිස් තුන් දහසක් තම වටිනා ජීවිත පූජ කරලා බේරා ගත්ත මව්බිම බෙදුමවාදි ත්‍රස්තවධින්ට ටීඑන්ඒ එකේ සහ යූඑස් අධිරාජ්‍යවධින්ට මෙහෙමත් පාවා දෙනවද? (අ)