
'කොවිඩ් 19' වසංගතය හේතුවෙන් ප්‍රමාද වුණු 2021 ලෝක රූ රැජින කිරුළ දිනා ගැනීමට පෝලන්තය නියෝජනය කළ සුරූපිනිය කැරෝලිනා බියෙලව්ස්කා සමත් වූවාය.
දෙවැනි ස්ථානය ඇමෙරිකාව නියෝජනය කළ සුරූපිනිය ශ්‍රී සානි ට හිමිවුණු අතර තෙවැනි ස්ථානය හිමිවූයේ අයිවරි කෝස්ට් රාජ්‍යය නියෝජනය කරමින් තරගයට එක් වී සිටි සුරූපිනිය ඔලිවියා යාස් ය.
'කොවිඩ් 19' වසංගතය හේතුවෙන් ප්‍රමාද වී පැවැත්වුණු මෙම 2021 ලෝක රූ රැජින කිරැළ තරගාවලිය 70 වැනි ලෝක රූ රැජින තරගාවලියයි.
කැරොලිනා කළමනාකරණය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් හදාරමින් සිටී. ඇය නිරූපිකාවක ද වෙයි. ඇය දක්ෂ කිමිදුම්කාරියකි.
(ඉන්දියා ටුඩේ)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd