පළමුවන ලෝක යුද සමයේ දී ප්‍රංශයේ උතුරු මුහදේ ගිලී ගිය ජර්මන් සබ්මැරීනයක් ක්‍රම ක්‍රමයෙන් මතුවන්නට පටන්ගෙන ඇතැයි වාර්තා වේ.

uc-61 නම් මෙම යාත්‍රාව 1917 වර්ෂයේ ජූලි මාසයේදී කැලැයිස් ආසන්නයේ ගිලීගොස් ඇත.

යාත්‍රාව ගිලෙන විට එය අතහැර දැමූ කාර්ය මණ්ඩලයේ 26 දෙනා ප්‍රංශ හමුදාවට යටත් වී ඇත.

මෙයින් වසර කිහිපයකට පෙර සිට සබ්මැරීනය නැවතත් මතුවන්නට පටන්ගත් අතර එය නැරඹීමට සංචාරකයින් බොහෝ දෙනකු පැමිණෙන්නට විය.

බාදිය ඇතිවිට සබ්මැරීනය වඩාත් හොඳින් දර්ශනය වූ අතර මෙවර ප්‍රථම වතාවට එහි විශාල කොටසක් ඉහළට මතු වූ බව පැවසේ.

මෙම සබ්මැරීනය සතුරු නැව් මුහුදේ ගිල්වීම සඳහා යොදාගත් එකක් වන අතර බෝම්බ සවි කිරීම හෝ නැව් පතුල සිදුරු කිරීම මගින් මෙය සිදුකළ බව ඉතිහාස වාර්තා සඳහන් කරයි.

මෙලෙස නැව් 11ක් මෙම සබ්මැරීනය මගින් ගිල්වූ බව සඳහන් වේ.

 

(බිබිසී ඇසුරිණි - 085)