IMG-LOGO

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා


ලෝක යුද සමයේ ප්‍රංශයේ උතුරු මුහුදේ ගිලීගිය ජර්මන් සබ්මැරීනයක් මතුවෙයි

 

 

පළමුවන ලෝක යුද සමයේ දී ප්‍රංශයේ උතුරු මුහදේ ගිලී ගිය ජර්මන් සබ්මැරීනයක් ක්‍රම ක්‍රමයෙන් මතුවන්නට පටන්ගෙන ඇතැයි වාර්තා වේ.

uc-61 නම් මෙම යාත්‍රාව 1917 වර්ෂයේ ජූලි මාසයේදී කැලැයිස් ආසන්නයේ ගිලීගොස් ඇත.

යාත්‍රාව ගිලෙන විට එය අතහැර දැමූ කාර්ය මණ්ඩලයේ 26 දෙනා ප්‍රංශ හමුදාවට යටත් වී ඇත.

මෙයින් වසර කිහිපයකට පෙර සිට සබ්මැරීනය නැවතත් මතුවන්නට පටන්ගත් අතර එය නැරඹීමට සංචාරකයින් බොහෝ දෙනකු පැමිණෙන්නට විය.

බාදිය ඇතිවිට සබ්මැරීනය වඩාත් හොඳින් දර්ශනය වූ අතර මෙවර ප්‍රථම වතාවට එහි විශාල කොටසක් ඉහළට මතු වූ බව පැවසේ.

මෙම සබ්මැරීනය සතුරු නැව් මුහුදේ ගිල්වීම සඳහා යොදාගත් එකක් වන අතර බෝම්බ සවි කිරීම හෝ නැව් පතුල සිදුරු කිරීම මගින් මෙය සිදුකළ බව ඉතිහාස වාර්තා සඳහන් කරයි.

මෙලෙස නැව් 11ක් මෙම සබ්මැරීනය මගින් ගිල්වූ බව සඳහන් වේ.

 

(බිබිසී ඇසුරිණි - 085)



අදහස් (0)

ලෝක යුද සමයේ ප්‍රංශයේ උතුරු මුහුදේ ගිලීගිය ජර්මන් සබ්මැරීනයක් මතුවෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 778 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2420 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1762 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site