ප‍්‍රංශයේ ශ්‍රී ලාංකික මෝස්තර ප‍්‍රදර්ශනයක් පැරිස් අගනුවරදී  ලබන 25 වැනිදා පැවැත්වීමට නියමිතය. ප‍්‍රංශයේ මීගමු සංවිධානය විසින් පවත්වන එම උත්සවය ප‍්‍රංශයේ ශ්‍රී ලාංකික සුපිරි නිරූපකයා හා නිරූපිකාව 2015 යනුවෙන් හැදින්වේ.

එහිදී වයස අවුරුදු 5 සිට 10, අවුරුදු 10 සිට 15 හා අවු: 15න් ඉහළ ලෙස පිරිමි කාන්තා අංශ දෙකෙන්ම මෝස්තර නිරූපණ ඉදිරිපත් කිරීමට යයි. ශ්‍රී ලංකාවේ නව පරපුරේ ගායක සංඛ දිනෙත්  මෝස්තර වේදිකාවේ එදිනට ගී ගායනයට එක්වන අතර ප‍්‍රදර්ශනයෙන් ලැබෙන මුදල් අනුරාධපුර පදවිය භාර රදගුරුගේ අධීක්ෂණය යටතේ එම ප‍්‍රදේශයේ දුප්පත් පවුලකට නිවසක් තනා දීම සදහා වෙන් කර ඇති බව සංවිධායකයෝ කියති.

20151021Top-Model-02