ලෝක බැංකු සභාපති ජිම් යොන් කිම් මහතා එම ධූරයෙන් ඉල්ලා අස්වන බව නිවේදනය කළේය. ඔහුගේ ඉල්ලා අස්වීම පෙබරවාරි 1 වැනි දා සිට ක්‍රියාත්මක වේ.
59 හැවිරිදි කිම් මහතා එම ධූරයට පත් වුයේ 2017 වසරේ දීය. තවත් වසර තුනක කාල සීමාවක් ඔහුට එම තනතුරේ රැදී සිටිමට කාලය තිබියදී මෙලෙස ඉල්ලා අස්වී තිබේ.
සංවර්ධනය වෙමින් පවතින රටවල යටිතල පහසුකම් දියුණු කිරිම සඳහා ඔහු කටයුතු කළ බව ලෝක බැංකුව පවසයි. කිම් මහතාගේ ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් කිසිදු හේතුවක් සඳහන් කර නොමැත.
මෙම කැපී පෙනෙන ආයතනයේ සභාපති ලෙස සේවය කිරිම අතිශය ගෞරවයක් බව කිම් මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.
ලෝක බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරීය ලෙස කටයුතු කරන ක්‍රිස්ටාලිනා ජෝර්ජියාවා මහත්මිය දැනට ලෝක බැංකු සභාපති ධූරයේ කාර්යභාරය සිදු කරනු ඇත.
(28535)
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
ලෝක බැංකු සභාපති ඉල්ලා අස්වෙයි