ලෝක නායකයන්ගේ දුර්වල මඟපෙන්වීම සහ ජනතාව වෙත ලබාදුන් "අපැහැදිලි" පණිවුඩ හේතුවෙන් කොවිඩ් ව්‍යාප්තිය වේගවත් වූ බවට ලෝක සෞඛ්‍ය සංවිධානය චෝදනා කර සිටී.
ගෝලීය කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව එක්කෝටි තිස් දෙලක්ෂය ඉක්මවාගොස්, මරණ පන්ලක්ෂ හැත්තෑ හය දහස් හාරසියයක් වාර්තා වන පසුබිමකය එම සංවිධානය මේ බව අවධාරණය කර ඇත.
කොවිඩ් පාලනය සඳහා රජයන් ප්‍රමාණවත් ක්‍රියාමාර්ග නොගන්නේ නම් ඉදිරියේ දී ගෝලීය කොවිඩ් වසංගත තත්ත්වය තව තවත් බැරෑරුම් වනු ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ එහි ප්‍රධානී ටෙඩ්රොස් ඇඩ්නම් ගේබ්‍රියාසෙස් කියා සිටී.
ඔහු වැඩිදුරටත් කියා සිටින්නේ රාජ්‍ය නායකයින් ජනතාව හමුවේ සිදුකළ අවිධිමත් හා අනවබෝධය පතුරන ප්‍රකාශ හේතුවෙන් කොවිඩ් පාලනය සම්බන්ධයෙන් ජනතාව තුළ පැහැදිලි ආකල්පයක් ගොඩනැංවීමට අසීරු වී ඇති බවයි.
එක්සත් ජාතීන්ගේ සංවිධානය ගෝලීය ආහාර සුරක්ෂිතතාව සහ පෝෂණය පිළිබඳ සිය නවතම වාර්තාව එළි දක්වමින් සඳහන් කර ඇත්තේ පවතින තත්ත්වය යටතේ 2030 වසරේදී ගෝලීය දරිද්‍රතාව තුරන් කිරීමේ ඉලක්ක සපුරාගැනීම තවදුරටත් සිහිනයක් වනු ඇති බවය.
(ගාඩියන් ඇසුරෙනි)
(125)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
WHO එකේ ප්‍රධානියා මේ වෛරස් සම්බන්ධයෙන් පෙරදි කීවේ, මේ වෛරසය ගෝලීය වශයෙන් ලොව පැතිරෙන්නේ නැති නිසා එයට බියක් තබාගත යුතු නොමැති බවයි. අද කියන්නේ වෙනත් දෙයක්.. සමහර රටවල්වල දේශපාලනඥයින් සෞඛ්‍ය ක්‍රමවේද හරි හැටි භාවිතා කළේ නැති බව ඇත්ත.. ඒත් ඔවුන් මෙන් නොව මේ ප්‍රධානියාට සෞඛ්‍ය සම්බන්ධයෙන් ප්‍රකාශ නිකුත් කිරීමේදී විශේෂ වගකීමක් තිබෙනවා. අද චැනල් එකක දැක්කා එක්තරා විද්වතෙකු කිව්වා දැනට වසර 100කට පමණ පෙර තිබූ වෛරසයක් නැවත මතුවුණා කියා ඇලස්කාවෙන්. වෛරස් සහිත මෘතදේහවලින් එසේ වූ බවත් සඳහන් වුණා. ඒ විද්වතා පැවසූ ආකාරයට මෘතශරීර වැළලීමෙන් වසර 100ක් ගියත් වෛරසය නැවත බලවත් වෙනවලු. මෙයින් පෙනී යන්නේ අධික උෂ්ණත්වයකට ලක්කොට මෘත ශරීරය දැවීමෙන් වෛරසය විනාශ වන බවයි. මෙය මාගේ අදහස පමණක් නොවේ. ඉහත විද්වතාගේ අදහසයි. එය සත්‍යයක් බව ඔප්පු වී ඇත. ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුදැනුම පිට දහස් ගණන් මෘතශරීර භූමදානය කිරීම නිසා තවත් කල් ගොස් මෙවැනි වෛරස පොළව මතුපිටට පැමිණිය හැකියි නේද..? ඇලස්කාවේ මේ සිද්ධිය ලෝක සෞඛ්‍ය සංවිධානයේ අවධානයට යොමුවී ඔවුන් විසින් සත්‍යය ලොවට පැවසිය යුතුයි නේද?