ලන්ඩන් නුවර ශ්‍රී සද්ධාතිස්ස ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයට අනුබද්ධිත ශ්‍රී ලංකා අධ්‍යාපන, සංස්කෘතික සහ සුභ සාධක පදනම විසින් ශ්‍රී ලංකාවේ 68 වැනි නිදහස් දින සමරුව වෙනුවෙන් ශ්‍රී ලංකාවේ සියලුම දෙනාටත් රජයටත් සුභ පතා පිංකමක් පවත්වනු ලැබිය.

විහාරවාසී ආචාර්ය හාඳුපැල්පොල මහින්ද හිමි, නෙපාලේ තිස්ස හිමි සහ ගලයායේ ධම්මදස්සී හිමි ඇතුළු විශාල සැදැහැවතුන් පිරිසක්  පිංකම සඳහා සහභාගී වුහ.

ශ්‍රී ලංකාව විදෙස් පාලනයෙන් අත් මිදුණු 68 වසර සනිටුහන් කරමින් එම අංකයන්ගේ හැඩයට සකස් කර තිබු ඉටිපන්දම් මහා සංඝ රත්නය සහ පැමිණ සිටි සැදැහැවතුන් විසින් දල්වනු ලැබූහ.

ශ්‍රී ලංකාවාසී ජනතාව ලබාගත් නිදහස කුමක්ද යන්නත් එහි ඇති වැදගත් කම කුමක්ද යන්නත් පහදාදුන් මහින්ද හිමි අනුශාසනාව පැවැත්විය. 

ශ්‍රී ලංකාව ලැබූ නිදහස සැමරීම වෙනුවෙන් විනීතා තල්පාවිල, රුක්මනී ලියනගේ, ශ්‍රියානි විජේසුරිය, රූපා කාරියවසම් ඇතුළු සැදැහැවතුන් පිරිසක් විසින් සුදානම් කර තිබු කිරිබත් කපනු ලැබිය. මේ අවස්ථාවේ රූපා මොනරාවල ප්‍රධාන සංස්කෘතික පදනමේ ගායක කණ්ඩායම ජාතික ගීය ගායනා කළහ.

පිංකම අවසන්වූ පසු නිදහස උදාකරගැනීම සහ ඉන් පසුව අපරටේ සිදුවූ වැදගත් සිද්ධීන් පෙන්වූ වාර්තා චිත්‍රපටයක්ද ප්‍රදර්ශනය කළේය.

tissa_201628 tissa_201628-2 tissa_201628-3 tissa201628