එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායිහි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලයට අනුබද්ධිත ශ්‍රී ලංකා සංස්කෘතික කේන්ද්‍රය 68 වැනි නිදහස් දිනය උත්කර්ෂවත් අන්දමින් සැමරීමට  යයි.

" එකම දැයක් මහ බලයක්" යනුවෙන් නම්කර ඇති ශ්‍රී ලාංකික අනන්‍යතාවය පිළිඹිඹූ කැරෙන සංස්කෘතික සංදර්ශනයක් ඇතුළත් නිදහස් සමරු උළෙල පෙබරවාරි 5 වැනි සිකුරාදා සවස 4.30 සිට ඩුබායිහි ශේයිකා ලතීෆා රෝහල් කාන්තා ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගනයේදී පැවැත්වෙති යි  සංවිධායකයෝ  කියති.

ඊට පෙරාතුව සවස 3.30 ට ශ්‍රී ලංකා නිදහස් දිනය වෙනුවෙන් සංවිධානය කළ වොලිබෝල් තරගාවලියේ අවසන් තරගයද එම ස්ථානයේදීම පැවැත්වෙනු ඇත.

උත්සවයේ වැඩි විස්තර 050 535 6625 දුරකථන අංකයෙන් ලබා ගත හැකි  බව ශ්‍රී ලංකා සංස්කෘතික කේන්ද්‍රය වෙනුවෙන් සුරනාත් කාලිංග මහතා පවසයි.