ශ‍්‍රී ලංකාව 68 වැනි නිදහස් දිනය සමරන පෙබරවාරී 4 වැනිදා ජපානයේ ටෝකියෝ නුවර නිදහස් සැමරුම් උත්සවයක් පැවැත්වීමට ජපානයේ ශ‍්‍රී ලංකා තානාපති කාර්යාලය සැරසෙයි. මහාචාර්ය සුනිල් ආරියරත්න සහ ප‍්‍රවීණ සංගීතඥ අමරසිරි පීරිස් යන මහත්වරු ද මෙම උත්සවයට සහභාගි වෙති.

මහාචාර්ය සුනිල් ආරියරත්න‘ නිදහස් අරගලයේ මහජන භූමිකාව‘ මැයෙන් නිදහස් සැමරුම් දේශනයක් ද අමරසිරි පීරිස් මහතා සංගීත ප‍්‍රසංගයද පවත්වන බව සංවිධායකයෝ කියති.

සංගීත අධ්‍යක්ෂ නවරත්න ගමගේ අධ්‍යක්ෂණය කරන මෙම ප‍්‍රසංගය සමන් අතාවුදහෙට්ටි විසින් මෙහෙයවයි.

නිදහස් උත්සවය පෙබරවාරී මස 4 වැනිදා සවස 3 සිට රාත‍්‍රී 7.30 දක්වා ටෝකියෝ නුවර මිනාතෝහි රේයුකායි විහාරස්ථානයේ කොතානි ශාලාවේදී පැවැත්වීමට නියමිතය.

මේ අතර ලක් නිදහස් දිනය සැමරීමේ උත්සවයක් ඉතාලියේ රෝම නගරයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයීය පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතය.

එදින රාජකාරී නොකරන බවද තානාපති කාර්යාලය කියයි.