2016 පෙබරවාරි 04 වැනිදාට යෙදෙන ශ‍්‍රී ලංකා මාතාවගේ අභිමානවත් 68 වැනි නිදහස් දිනය නිමිත්තෙන් පැවැත්වෙන ජාතික නිදහස් දින උත්සවයක් ඉතාලියේ බ්‍රෙෂියා බෞද්ධ විහාරස්ථ ආගමික අධ්‍යාපනික හා සංස්කෘතික සංවිධානය මඟින් 2016 පෙබරවාරි මස 07 වැනිදා පස්වරු 2 ට පැවැත්වීමට කටයුතු යොදා ඇත.
බ්‍රෙෂියා හි අංක 46 ස්ථානයේ පැවැත්වෙන නිදහස් උත්සවයේ විශේෂාංග අතර බ්‍රෙෂියා බෞද්ධ විහාරස්ථ දහම් පාසැලේ දරු දැරියන්ගේ නාට්‍යය හා බ්‍රෙෂියා කිතුණු සභාව ඉදිරිපත් කරන නර්තන ද ශ‍්‍රී ලාංකික දරු දැරියන් ඉදිරිපත් කරන දේශාභිමානි ගීත ද වේ.
මිලානෝ නුවර ශ‍්‍රී ලංකා කොමසාරිස් කාර්යාලයේ ප‍්‍රධානී ප‍්‍රදීපා සේරම් ගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වෙන උත්සවයට බ්‍රෙෂියා බෞද්ධ විහාරාධිපති වතෝගල ධම්මික හිමියන් හා බ්‍රෙෂියා කිතුණු සභාව භාර ජෝර්ජ් ඩික්ෂන් පියතුමා ද සහභාගී වීමට නියමිතය.
2025 නොවැම්බර් මස 04
541
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2259
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1692
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ලක් නිදහස ඉතාලියේ බ්‍රෙෂියා නුවර
පිටිගල මිලානෝ Tuesday, 02 February 2016 12:11 PM
ලංකාවට නිදහස ලැබුණයි කිය කියා තැන තැන උත්සව පවත්වන්නේ කුමකටද කියා මට තේරෙන්නේ නැත. සුද්දාව රටින් එළවලා අපි කරගෙන ඇත්තේ අපිටම දඬුවම් කර ගැනීමක් ලෙසයි මම දකින්නේ. සුද්දාව එලවා නොගත් හොංකොං ගැන හිතලා බලන්න. සුද්දා ඒ රට චීනෙට ආපසු බාර දෙනකොට මොන තරම් දියුණුද? (බ)