2016 පෙබරවාරි 04 වැනිදාට යෙදෙන ශ‍්‍රී ලංකා මාතාවගේ අභිමානවත් 68 වැනි නිදහස් දිනය නිමිත්තෙන් පැවැත්වෙන ජාතික නිදහස් දින උත්සවයක් ඉතාලියේ බ්‍රෙෂියා බෞද්ධ විහාරස්ථ ආගමික අධ්‍යාපනික හා සංස්කෘතික සංවිධානය මඟින් 2016 පෙබරවාරි මස 07 වැනිදා පස්වරු 2 ට පැවැත්වීමට කටයුතු යොදා ඇත.

බ්‍රෙෂියා හි අංක 46 ස්ථානයේ පැවැත්වෙන නිදහස් උත්සවයේ විශේෂාංග අතර බ්‍රෙෂියා බෞද්ධ විහාරස්ථ දහම් පාසැලේ දරු දැරියන්ගේ නාට්‍යය හා බ්‍රෙෂියා කිතුණු සභාව ඉදිරිපත් කරන නර්තන ද ශ‍්‍රී ලාංකික දරු දැරියන් ඉදිරිපත් කරන දේශාභිමානි ගීත ද වේ.

මිලානෝ නුවර ශ‍්‍රී ලංකා කොමසාරිස් කාර්යාලයේ ප‍්‍රධානී ප‍්‍රදීපා සේරම් ගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වෙන උත්සවයට බ්‍රෙෂියා බෞද්ධ විහාරාධිපති වතෝගල ධම්මික හිමියන් හා බ්‍රෙෂියා කිතුණු සභාව භාර ජෝර්ජ් ඩික්ෂන් පියතුමා ද සහභාගී වීමට නියමිතය.

web_201622agi---Copia