ප්‍රංශයේ නව ශ්‍රී ලංකා තානාපති ලෙස පත්වූ තිලක් රණවිරාජා සිය අක්තපත්‍ර ප්‍රංශ ජනාධිපති ෆ්රන්කෝ හොලන්ඩේ වෙත භාර දුන්නේය. පැරිස් නුවර එල්සි ජනාධිපති මන්දිරයේදී පැවැත්වුණ එම අවස්ථාවේදී ශ්‍රී ලංකා ජනාධිපතිගේ සුබ පැතුම් ප්‍රංශ ජනාධිපතිවරයා වෙත පිරිනැමීමටද නව තානාපතිවරයා කටයුතු කළේය.

මෙම අවස්ථාවට ප්‍රංශ රජයේ සහ විදේශ අමාත්‍යංශයේ ජේෂ්ඨ නිලධාරින් පිරිසක් සහ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිලධාරීන් ද සහභාගී වුහ.

එහිදී ශ්‍රී ලංකාව සහ ප්‍රංශය අතර පවත්නා  සම්බන්ධතාවය පිළිබඳවත් ඉදිරියේ දී එම සම්බන්ධතාවයන් වැඩිදියුණු කරගැනීමේ වැදගත්කම පිළිබඳවත් සුහද කතාබහක්ද ඇතිවිය.

තානාපති රණවිරාජා විසින් නව රජයේ වැඩකටයුතු පිළිබඳව ප්‍රංශ නනාධිපති වරයා දැනුවත්කරනු ලැබිය.

RANAVIRAJA1 RANAVIRAJA2[1]