මේ සියවස අවසන්වන විට ලෝකයේ ජනගහණය බිලියන 12.3ක් දක්වා ඉහළ යනු ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය සතු දත්ත විශ්ලේෂණයෙන් පෙන්වාදෙයි. වොෂිංටන් විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයන් කණ්ඩායමක් මේ සම්බන්ධ අදසහස් දක්වා ඇත. ඔවුන් පවසන්නේ වසර 2050 දී බිලියන 9.6ක් වන ලෝක ජනගහනය 2100 දී බිලියන 12.3 දක්වා ඉහළ යන බවයි.