ලෝක චෙස් සම්මේලනයට අයත් ස්විස් බැංකු ගිණුම් කටයුතු සියල්ල අවසන් කර ඇතැයි ගිණුම් පවත්වාගෙන ගිය යූ.බී.එස් බැංකුව සඳහන් කරයි.
සිරියානු රජයේ මූල්‍යමය ගනුදෙනුවලට සහාය දැක්වූ බවට ලෝක චෙස් සම්මේලනයේ සභාපතිවරයාට චෝදනා එල්ල වීමත් සමඟ එම පියවර ගෙන තිබේ.
රුසියානු මිලියනපතියකු වන කිර්සාන් ඉලම්ෂිනෝව්ට මෙලෙස චෝදනා එල්ල වී තිබේ. සිරියානු ජනාධිපති බෂාර් අල් අසාද් සමඟ සබඳතා පවත්වන බවට චෝදනා එල්ල කරමින් ඇමෙරිකා එක්සත් ජනපද භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව 2015 වසරේදී ඔහුට සම්බාධක පැනවීය.
එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කරන කිර්සාන් ඉලම්ෂිනෝව් පරීක්ෂණ අවසන තෙක් සභාපතිධුරයෙන් ඉවත් වන බව ද ප්‍රකාශ කර තිබේ. ස්විට්සර්ලන්තයේ ‘යු.බී.එස්’ බැංකුව ලෝක චෙස් සම්මේලනයේ ගිණුම් පවත්වාගෙන ගොස් තිබෙන අතර අදාළ ගිණුම් සියල්ල අවසන් කළ බව බැංකුව දැනුම් දී ඇතැයි ලෝක චෙස් සම්මේලනය සඳහන් කරයි.
කිර්සාන් ඉලම්ෂිනෝව් තවමත් ඇමෙරිකා එක්සත් ජනපදය පැනවූ සම්බාධකවලට යටත්ය. බැංකුව අදාළ ගිණුම් අවසන් කිරීම නිසා ගිණුම් පවත්වාගෙන යෑම සඳහා වෙනත් බැංකුව සහයෝගය ගැනීමට සිදුව ඇතැයි ද එම ක්‍රියාවලයේදී ගැටලු කිහිපයකට මුහුණ දීමට සිදුවනු ඇතැයි ද ලෝක චෙස් සම්මේලනය නිකුත් කළ නිවේදනයේ තවදුරටත් දැක්වේ.
බැංකු ගිණුම් අවසන් කිරීම සම්බන්ධයෙන් ලෝක චෙස් සම්මේලනය නිකුත් කළ නිවේදනය සම්බන්ධයෙන් කිර්සාන් ඉලම්ෂිනෝව් මෙතෙක් කිසිවක් ප්‍රකාශ කර නොමැති අතර ඔහු තවමත් සම්මේලනයේ සභාපතිවරයා යැයි ද එහි වෙබ් අඩවියේ සඳහන් ව තිබේ.
055
2025 නොවැම්බර් මස 04
734
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2394
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1756
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ලෝක චෙස් සම්මේලනයේ ස්විස් බැංකුගිණුම අවසන්
kapila Wednesday, 14 February 2018 11:47 AM
මම හිතුවේ අපේ බැංකු කඩපු සෙට් එක ස්විස් වලට ගිහිල්ල කියලා...