දැවැන්ත කිඹුලකු අල්ලාගැනීමට ඇමෙරිකාවේ ඇල්බාමා ජනපදයේ පවුලක සාමාජිකයෝ සමත්ව සිටිති. තෝමස්ටන් ගම්මානයේ පදිංචි ජෝන් ස්ටොක්ස්, මැන්ඩ් ස්ටොක්ස් යන යුවළත් ඔවුන්ගේ ඥාති සොහොයුරකු වූ කෙවින් ජෙන්කින්ස් හා වයස අවුරුදු 16ක් වූ සවන්නා දියණිය ද 14 වැනි වියේ පසුවන පාකර් පුතු ද මේ සමක්කම සිදුකළහ. ඔවුන් පවසන්නේ කිඹුලා අල්ලා ගැනීමට තමන්ට පැය දහයකට වැඩි කාලයක් ගත වූ බවයි. අල්ලාගත් කිඹුලා අඩි 15 ට වඩා දිගින් යුතු අතර බර රාත්තල් 1011.5 කි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ඇත්තමද? (නි)
අයියෝ...! මේත් කිඹුලෙක්ද? (නි)
සම්පත්, කොහෙද යන්නේ මල්ලේ පොල් (නි)
ඇත්තටම පුදුමයි. හිතාගන්න බැරිදෙයක් (නි)
ඔය පාඩුවේ ඉන්න ඕනෑ කෙනාගේ ගමට මූව ගෙනවිත් දාන්නද? (නි)
කිඹුලාගෙ පාඩුවේ ඉන්න දුන්න නම් ඉවරනේ. මම හිතන්නේ ගිහින් දායි සත්තුවත්තට (නදී)
ඇත්තටම මෙහෙම කිඹුලන් මේ ලෝකයේ සිටීද? (නි)
මේකේ දාලා තිබෙන අදහස් දැක්කම හිනහා යනවා.මෙහෙම ඒවත් ලියන එකේ, පොඩි ගතියකුත් තියෙනවා.බොරුද මම කියන්නේ.... (නි)
ලංකාවෙත් ඉන්නේ එහෙනම් මීටත් වඩා දිග උන්.. (නි)
නියමයිනේ! පුදුමාකාර වැඩක් මේක (නි)
මේක නම් පුදුමාකාර දක්ෂකමක් (නි)
අපි මූට මොකක්හරි සුදුසු නමක් දාමුකෝ (නි)
අනේ! මටත් එයා ළඟ ඉඳගෙන ෆොටෝ එකක් ගන්න ආසයි (නි)
ඇමරිකාවෙන් අල්ලාගත් නිසා හොදට ගියා. ඌ යහතින් කල් ගෙවයි. (නි)
චමින්දගේ කතාව ඇත්ත (නි)
පාඩුවේ හිටි අහිංසක කිඹුලාට පැය ගාණක් තිස්සේ මුළු පවුලම වද දීලා.උගේ කටේ ලේ පැල්ලම්!පෙනෙනවානේ තොණ්ඩු දමලා එල්ලාගෙන ගෙනියන හැටි.තොණ්ඩු ටික ලෙහුවා නම් කිඹුලා ඔය පවුලම ගිල දමයි ඌට කළ හිරිහැරයට! (නි)
නියම වැඩක් (නි)
අනේ ඇඩ්මින් මහත්තයො මේ වීර පවුලෙ නොම්බරේ එවන්නකො. අපේ ගේ කිට්ටුව දියවන්නා කියන ඔයේ දූපතක මීට වඩා ලොකු දාර කිඹුල්ලු ඉන්නවා. (අ)
ලංකාවේ මීට වඩා ලොකු කිඹුල්ල දේශපාලනයේ ඉන්නවා (අ)
අපෝ! මේ මොකෙක්ද? (නි)
අපෝ! අපේ රටේ ඇති මීට වඩා ලොකු කිඹුල්ලු (නි)
අම්මෝ! මේ කිඹුලාගේ තරම! (නි)
මේත් නීතියක් නැති රටක් වෙන්න ඇති.මෙහෙම සත්තු අල්ලන්නේ මේ අයට ලියලා දුන්න බූදලයක්ද.මේ සතාට ඊලගට කරලා තියෙන්නේ මොකද්ද දන්නේ නැ.?(අ)
පුළුවන්තරම් මෙයාට ආරක්ෂාව දෙන්න ඕනෑ (නි)
අම්මෝ මේ සතා කි දෙනෙක්නම් ගිලින්න ඇත්ද. (දී)
සන්ද්‍යා, එ් තමයි හපුයියා. (නදී)
ඒ සතාට ඉන්න විදියට ඉන්න දුන්නා නම් ඌ මොනතරම් සතුටින් ඉන්නවද?සමහරවිට උගේ පැටවු ඌව දැන් හොයනවා ඇති. (නි)
ගාමිණි එක්ක මමත් එකඟයි. කිඹුලාට එයාගේ රාජධානියේ ඉන්න නොදී කොහෙද මේ ඇදගෙන යන්නේ වද දිදී? මේක හපන්කමක් වෙන්නේ කිඹුලාව අනතුරකින් බේරගත්තා නම් විතරයි. (නි)
මමත් කියන්නේ ලංකාවේ මීට වඩා ලොකු කිඹුල්ලු ඉන්නවා (නි)
මේ සතාට දෙන වදය කවදාහරි පලදෙනවා. (නි)
කිඹුලන්ට පෙන්වන ආදරයවත් සමහර මිනිසුන් ළඟ අද නැහැ (නි)
මීට වැඩිය ලොකු එවුන් ලංකාවේ කොහේහරි ඇති (නි)
දුර්ලබ පින්තුර ටිකක් .සතාට තුවාල සිදුවිම කනගාටු වෙනවා . (අ)
මේකා ප්ලාස්ටික් කිඹුලෙක්ද දන්නෙ නැහැ (නි)
නිශාන්ත, හානේ.. . ඇත්තද? (නි)
ලොකු හපන්කමක් වගෙයි (නි)
ඒ කට්ටිය විතරක් නෙමෙයි ... බලු කුක්කෙක් තමයි වැඩියෙන්ම කිඹුලාව අල්ලන්න උදවු කරලා තියෙන්නේ ... ෆොටෝ එකේ මැද්දෙම ඉන්නේ ඒ බලු කුක්ක තමයි ... (ස)